![]() |
![]() |
වැලිබල් ෆිනෑන්ස් සමාගම 2024/25 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ප්‍රධාන දර්ශක තුළ ඉලක්කම් දෙකක වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව රුපියල් බිලියන 111.68 ක වත්කම් රැස් කර ගනිමින්, සමාගම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව මිණුම් ලකුණක් තැබීමට සමත්ව සිටියි. මෙය එම සමාගම සිය වසර 18 ක ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් කරා ළඟාවීමේ අවස්ථාවක් බවත් සමාගම සඳහන් කරයි.
වැලිබල් ෆිනෑන්ස් යනු වසර 17ක් තුළ රුපියල් බිලියන 100ක වත්කම් ප්‍රමාණයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ වේගවත්ම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) ලෙස සැලකෙයි. මෙම ජයග්‍රහණය මගින් සමාගම මෙරට ඉහළම බැංකු නොවන මූල්‍ය ආයතන 5 අතර ශ්‍රේණිගතව සිටියි.
ඉන් සමාගමේ වර්ධනයේ සුවිශේෂී ගමන් මාර්ගය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය අවධාරණය කරයි. එසේම නවෝත්පාදන, පාරිභෝගික විශ්වාසය සහ උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම් සඳහා පෙන්වූ කැපවීමත් මෙම ශේණිගත වීමට හේතුවකි.
“මෙම ප්‍රතිඵල මගින් අපගේ ශක්තිමත් නායකත්වය, උපායමාර්ගික දැක්ම සහ වර්ධනය වන පාරිභෝගික විශ්වාසය අවධාරණය කෙරෙනවා. අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය හේතුවෙන් අපගේ තැන්පතු පදනම රුපියල් බිලියන 58.6 සිට රුපියල් බිලියන 67.5 දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී 2024/25 මූල්‍ය වර්ෂය තුළ සියයට 15.1 ක වර්ධනයක් සනිටුහන් කළා. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ ප්‍රමුඛ සමාගමක් ලෙස වැලිබල් ෆිනෑන්ස් හි තත්වය තහවුරු කරන අවස්ථාවක්.“ සමාගම පවසයි.
1,800 කට අධික සේවක සංඛ්‍යාවකින් සහ දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වන සම්බන්ධතා ස්ථාන 80 ක ජාලයක් සමගින්, වැලිබල් ෆිනෑන්ස්හි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ එම කණ්ඩායමේ නොසැලෙන කැපවීම සහ වෘත්තීයභාවයයි.
2024/25 මූල්‍ය වර්ෂය තුළ, සමාගම රට පුරා උපායමාර්ගිකව වැදගත් ස්ථානවල නව ශාඛා 11 ක් විවෘත කළ අතර, එමගින් එහි පැවැත්ම තවදුරටත් ශක්තිමත් කර පාරිභෝගික ප්‍රවේශය වැඩි දියුණු කර තිබේ.
මේ අතර සමාගම තොරතුරු තාක්ෂණික දියුණුව සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහාද ආයෝජනය කළ අතර ඒ හරහා මූල්‍ය අන්තර්ගතභාවය පුළුල් කිරීමට ඇති කැපවීම පිළිබිඹු කර තිබේ. එසේම සුවිශේෂී සේවා අත්දැකීම් ලබා දීමට අවශ්‍ය මෙවලම් සහ වේදිකා සමග සේවකයන් සන්නද්ධ කිරීමටද පියවර ගෙන ඇත.
වැලිබල් ෆිනෑන්ස් හි මූල්‍ය ජයග්‍රහණ පිළිබඳ සඳහන් කිරීමේදී, කොළඹ පිහිටි අති නවීන ආයතනික ප්‍රධාන කාර්යාලය එහි තවත් සන්ධිස්ථානයකි. එහිදී එම ගොඩනැගිල්ල සමාගමේ ශක්තිය, නවෝත්පාදනය සහ දිගුකාලීන දැක්ම සඳහා සාක්ෂියකි. භෞතික ව්‍යුහයකට වඩා, එය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතරම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියේ ආලෝකයක් වීමේ වැලිබල් ෆිනෑන්ස් හි අභිලාෂය මූර්තිමත් කරන්නකි.
මේ අතරම, තවත් කැපී පෙනෙන වෙනසක් එක් කරමින් ලංකා ශ්‍රේණිගත කිරීමේ ආයතනය (LRA) විසින් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම BBB+ ශ්‍රේණිගත කිරීමත් (ස්ථාවර දැක්මක්) සමග නැවත තහවුරු කරන ලදී. අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සමාගම ලෙස ග්ලෝබල් ඉකොනොමික් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේදී ද සමාගම පිළිගැනීමට ලක් විය. විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ කර්මාන්තයේ නායකත්වය සඳහා සමාගමේ නොසැලෙන කැපවීම මෙම ගෞරවනීය සම්මානවලින් පිළිබිඹු වේ.
අනෙකුත් මූල්‍ය සමාගම් හා සැසඳීමේදී සියයට 3.56 ක අඩුම අක්‍රිය ණය අනුපාතයක් පවත්වා ගනිමින් සහ මූල්‍ය වර්ෂය සඳහා සියයට 18.72 ක කොටස් ප්‍රතිලාභයක් ලබා දෙමින් වැලිබල් ෆිනෑන්ස් තවදුරටත් කාර්යසාධනය අතින් කර්මාන්තයේ ප්‍රමිති සකස් කිරීම, පාලනය සහ පාරිභෝගික කේන්ද්‍රීය වර්ධනය සඳහා කටයුතු කරමින් සිටී.
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ පැවසීය. “රු. බිලියන 100 ක වත්කම් පදනම සම්පූර්ණ කිරීම හුදෙක් සංඛ්‍යාවක් නොවේ. එය අපගේ අරමුණ පිළිබඳ ප්‍රකාශනයක්. අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය, අපගේ කණ්ඩායමේ කැපවීම සහ ශක්තිමත්ව වැඩීමට ඇති අපගේ අපේක්ෂාව පිළිබිඹු කරන්නක්. ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ වර්ධනය සහ දියුණුව පිළිබඳව අපි ඉතා ශුභවාදී අදහසක සිටින්නේ. ඉදිරියේදී යම් විභවයක් ඇති බව අපි විශ්වාස කරන අතර මෙම විශ්වාසයෙන් අපට ප්‍රතිඵලද ලැබී තිබෙනවා. එහෙත්, වඩාත්ම වැදගත් දෙය වන්නේ අපට වාර්තා බිඳ දැමීමට අවශ්‍ය නොමැති වීමයි. අපට අවශ්‍ය වන්නේ අනාගත පරම්පරාවන් බලගන්වන සහ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කරන තත්වයක් නිර්මාණය කිරීමයි.”
වැලිබල් ෆිනෑන්ස් අනාගතය දෙස බලන විට, එහි අවධානය පැහැදිලිව පවතින්නේ මූල්‍ය සේවා කර්මාන්තයේ නව මිණුම් සලකුණු තබමින් තම වාර්තා බිඳ දමමින් ගම්‍යතාව ගොඩනගා ගැනීමයි. එහිදී පාරිභෝගික අත්දැකීම් සහ මෙහෙයුම්හි වේගවත් බව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් නවෝත්පාදනවල උපායමාර්ගික ආයෝජන සමග සම්බන්ධ වීමත් අපේක්ෂාවකි. ඒ හරහා ඌනපහසුකම් සහිත සහ ඉහළ විභවයක් ඇති ක්ෂේත්‍ර වෙත තවදුරටත් සේවා පුළුල් කිරීමේ උපාය මාර්ගයක් හරහා සමාගම සිය වර්ධනයේ ඊළඟ අදියර සඳහා සූදානම්ව සිටී.
එසේම තිරසාරභාවය එහි දිගුකාලීන දැක්මෙහි කේන්ද්‍රීයව පවතිනු ඇතැයිද වැලිබල් ෆිනෑන්ස් වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී වගකිවයුතු මූල්‍ය, සදාචාරාත්මක පාලනය සහ කල් පවතින සමාජීය සහ පාරිසරික බලපෑමක් ඇති කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අදහස වී තිබේ.
“විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා නොසැලෙන කැපවීමක් සහිතව වැලිබල් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවල අනාගතය මෙහෙයවීමට හොඳින් ස්ථානගත වී සිටිනවා. එහිදී කර්මාන්තය තුළ සිදුවන වෙනස්කම් සමගින් වේගයෙන් ගමන් කිරීමට සමාගම කටයුතු කරනවා. වැලිබල් ෆිනෑන්ස් සාර්ථකත්වයේ කතාව ලියැවී ඇත්තේ එහි ප්‍රධාන ගුණාංග වන පළපුරුදු කළමනාකරණ කණ්ඩායම, ඉගෙනුම් සංස්කෘතිය, ස්ථාවර පාරිභෝගික විශ්වාසය, දිගුකාලීන කීර්තිය සහ කැපවූ සේවකයන් මතයි.“ යනුවෙන් වැලිබල් ෆිනෑන්ස් පවසයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැලිබල් ෆිනෑන්ස් වෙතින් වාර්තා බිඳහෙලූ කාර්යසාධනයක්