වර්තමාන මූල්‍ය වෙළෙඳපොළේ ඇති අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ වුවද මෙම මූල්‍ය වර්ෂයේ මාර්තු අවසානයේදී රුපියල් බිලියන 9.7ක ආදායමක් ලබන්නට වැලිබල් ෆිනෑන්ස් සමත්ව සිටී. එය පසුගිය මූල්‍ය වර්ෂයේ පැවති රුපියල් බිලියන 8.7 අගය ඉක්මවා යාමකි.
පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය මෙන්ම වර්තමානයෙහි පැතිර පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ සමාජ-ආර්ථිකය තුළ යම් අභියෝගයක් ඇති වකවානුවකදී පවා මෙලෙස සියයට 11.12ක වර්ධනයක් ලබන්නට සමත් වීම, ආයතනයෙහි දූරදර්ශී මෙහෙයුම් ක්‍රියාදාමය හා ජනතා විශ්වාසය මනා ලෙස පිළිබිඹු කරන සාධකයක් බව එම ආයතනය සඳහන් කරයි.
මෙවැනි අභියෝගාත්මක කාල සීමාවක් තුළදී වුවද සමාගමෙහි අක්‍රීය ණය අනුපාතය සියයට 5ට වඩා පහළ අගයක් වීම, ඉහළ කළමනාකාරීත්වයෙන් ලද ප්‍රතිඵලයක් සේ දැක්විය හැකිය.
රුපියල් බිලියන 38.9ක්ව පැවති ණය ධාරිතාව අදාළ කාලසීමාව තුළදී රුපියල් බිලියන 41.1 දක්වා, සියයට 5.4 ඉපයීමක් ලෙස ඉහළ ගොස් ඇත. එමෙන්ම පසුගිය මූල්‍ය වර්ෂයේ රුපියල් බිලියන 3.3ක වූ ශුද්ධ ණය පොලී ආදායම සියයට 20.64ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4 දක්වා වර්ධනය වී ඇත.
තම මෙහෙයුම් ක්‍රියාදාමයෙහි සවිමත්භාවය යළිත් වතාවක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන මූල්‍ය සමාගම් අතර කීර්ති නාමයක් ගොඩනගාගන්නට සමත්ව සිටින වැලිබල් ෆිනෑන්ස්, අභියෝගාත්මක කාලසීමාවන් තුළදී වුවද වත්කම් හා වගකීම් මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා සමාගමෙහි ඇති මෙහෙයුම් ශක්තිය සනාථ කරමින් අදාළ මූල්‍ය වසර තුළ රුපියල් බිලියන 2.4ක පෙර බදු ලාබයක් ලබන්නට සමත්ව ඇත. එය පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 2.2ට වඩා සියයට6.93ක වර්ධනයක් ලැබූ කැපී පෙනෙන සන්ධිස්ථානයකි.
මහජන විශ්වාසයෙහි මිනුම් දණ්ඩ වන තැන්පතු ශේෂය මෙම කාලසීමාවේදී රුපියල් බිලියන 29ක් වූ අතර එය පෙර වකවානුවට වඩා සියයට14.97ක වර්ධනයකි. “ඉතා අභියෝගාත්මක මෙන්ම අවිනිශ්චිත කාල සීමාවන් තුළ පවා ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව යන අංශ දෙකෙහිම සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන්නට අපට හැකිවී තිබෙනවා. මෙය අපගේ දක්ෂ කාර්ය මණ්ඩලයේ මනා හැකියාව, විනිවිදභාවය, ප්‍රබල වැලිබල් සමූහයේ ශක්තිය වගේම අපගේ උසස් කාර්යසාධන උපායමාර්ග වලින් ලැබූ ජයග්‍රහණයක්” යැයි කළමනාකාර අධ්‍යක්‍ෂක ජයන්ත රන්ගමුව මහතා පැවසීය.
“අප පසුකරමින් සිටින්නේ අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකයෙහි පසුබෑමක් ඇති අවධියක්. එහෙත් අප සියලු දෙනාම එයින් පසුබට නොවී සුපුරුදු මාවතට පිවිසීම හැකි ඉක්මනින් කළ යුතු දෙයක්. වැලිබල් ෆිනෑන්ස්හි දක්ෂ කළමනාකරණය නිසා සාර්ථකව ඉදිරියටම ගමන් කරන්නට හැකිවී තිබෙනවා. ඒ නිසාම තම ස්ථාවරය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් රට පුරා සිටින ගනුදෙනුකරුවන් වෙනුවෙන් තම සේවා විනිවිදභාවයෙන් යුතුව මනා සේ ඉටුකරමින් සිටිනවා. ප්‍රබල වැලිබල් සමූහයෙහි පෙරගමන්කරුවා වන වැලිබල් ෆිනෑන්ස් මෙලෙස අඛණ්ඩවම සාර්ථකත්වයේ ඉහළට ගමන් කිරීම අපට නිහතමානී ආඩම්බරයක්” යනුවෙන් සභාපති, ප්‍රකට ආයෝජක ධම්මික පෙරේරා මහතා තම අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මූල්‍ය සන්නාමය 2020 සම්මානයෙන් පිදුම් ලැබූ වැලිබල් ෆිනෑන්ස්, සන්නාම වර්ගීකරණ ශ්‍රේණිගත කිරීම (Brand Rating) 2019 වසරේදී A+ දක්වා ඉහළ නැංවීය. සාපේක්ෂව කෙටි කාලයක් තුළදී ශක්තිමත් හා ගෞරවණීය නාමයක් ලෙස එහි කීර්තිය පුළුල් ලෙස වර්ධනය කරගන්නට සමාගම සමත්ව සිටී.
(***)
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්