
වැලිබල් ෆිනෑන්ස් ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් කැකිරාව සහ ඇල්පිටිය යන නගරවලට තවත් නවතම ශාඛා දෙකක් පසුගිය දා එක්විය. දැන් මෙම ශාඛා මගින් ඒ අවට ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා වඩාත් පහසුවෙන් හා ඉක්මනින් ඉටුකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රන්ගමුවගේ ප්‍රධානත්වයෙන් සිදු වූ මෙම නවතම ශාඛා විවෘත කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ශාඛා කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයෝ හා ගනුදෙනුකරුවෝ රැසක් එක්ව සිටියහ. මෙහිදී තම අදහස් දක්වමින් වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රන්ගමුව මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ ශාඛා ජාලයට එක් වූ මෙම නවතම ශාඛා දෙකෙන් දැන් අපට නව ගනුදෙනුකරුවන්ට වැඩි පහසුකම් හා සේවා සලසා දීමේ අවස්ථාව උදාවනවා. “වැලිබල් ෆිනෑන්ස් හි අපි සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් සැලසීමට කැප වී සිටිනවා”.
රට පුරා තම ස්ථාවරත්වය තහවුරු කරගනිමින් ජයග්‍රාහී ගමනක යෙදෙන වැලිබල් ෆිනෑන්ස්, ප්‍රධාන වශයෙන් ලීසිං, ස්ථාවර තැන්පතු, ත්‍රීවීල් ලීසිං, රන් ණය, ඔටෝ ඩ්‍රාෆ්ට් සහ සුළු පරිමාණ ණය යන මූල්‍ය සේවා නවීන තාක්ෂණික රාමුවක් යටතේ සිදුකරනු ලබයි.
අඛණ්ඩ වර්ධනය, සාර්ථක හා ස්ථාවර බව මෙන්ම කාර්යක්ෂම හා ඵලදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වූ අප ආයතනය, ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UK විසින් පිරිනමනු ලබන “Best Finance Company ", සම්මානය 2020 - 2021, 2021 - 2022 සහ 2022 - 2023 වර්ෂවලදී අඛණ්ඩව තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.
කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති වැලිබල් ෆිනෑන්ස් අතිනවීන ආයතනික කාර්යාලය, එහි විශිෂ්ටත්වය හා සැමවිටම නව්‍යකරණයට මුල්තැන දීම සංකේතවත් කරන සලකුණකි. රට පුරා සිටින ගනුදෙනුකරුවන්ගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා ඔවුනට බරක් නොවන සේ ඉටුකර දෙමින් මූල්‍ය තිරසාරභාවය ඇති කිරීමට කටයුතු කිරීම කෙරෙහි ඇති කැපවීම මේ තුළින් යළි යළිත් අවධාරණය කරයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිබල් ෆිනෑන්ස් කැකිරාව සහ ඇල්පිටිය නගරවලට