භානුක අමරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවකු වන වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ මූලික මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.
මෙම නිකුතුව සහ එලෙස නිකුත් කෙරෙන කොටස් කොළඹ කොටස් හුවමාරුවේ දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන අනුමැතිය ද කොළඹ කොටස් හුවමාරුව මගින් පසුගිය දා ලබා දී තිබේ.
මෙහිදී සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 71,548,244ක් මිලදී ගැනීම සඳහා නිකුත් කරන අතර, එහිදී කොටසක වටිනාකම රුපියල් 7.00 කි. ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 500.8 ක් වෙයි.
මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගමේ මූලික ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා යොදාගන්නා බව වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd