
යොහාන් භාසුර
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ඉදිරි වසර දෙක තුළ පොල් ගෙඩි මිලියන 4,200 ක් හෙවත් ගෙඩි කෝටි 420 ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.
දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් ඇති ‘කොළ මැලවීමේ රෝගය’ සහ එම රෝගය හේතුවෙන් පොල් අස්වැන්නට වී ඇති බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුනිමල් ජයකොඩි මහතා එසේ පැවසීය.
මෙරට වාර්ෂික පොල් අස්වැන්න 2024 වන විටත් ගෙඩි මිලියන 3,000ක් වූ බවත් ඊට වඩා වැඩි ඉලක්කයක් වන ගෙඩි මිලියන 4200 ක අස්වැන්නක ඉලක්කයක් ඇති බවත් එවැනි ඉලක්කයකට යෑමේදී සම්ප්‍රදායික ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය වෙනත් ප්‍රවේශයකට අවතීර්ණ විය යුතු බවත් ඒ මහතා කීය.
පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් 2024 වසරේ ඩොලර් මිලියන 850 ක පමණ ආදායමක් ඉපයූ අතර මෙම වසරේ (2025) පළමු මාස නවය තුළ පමණක් ඩොලර් මිලියන 890 ක පමණ ආදායමක් උපයා ඇති බව කී ජයකොඩි මහතා මෙම වසර අවසන් වන විට පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ඩොලර් බිලියනයක් පමණ උපයා ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් පර්‌යේෂණ ආයතන සහ පොල් සංවර්ධන අධිකාරිය යන ආයතන තුන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අක්කර ලක්ෂ 11 ක විහිදී ඇති පොල් වගාව පාලනය කරන බවත් මෙරට පොල් වගාව පිළිබඳව ජනාධිපතිතුමා සහ වැවිලි අමාත්‍යවරයා දැඩි අවධානය යොමුකර තිබීම නිසා 2026 වසරට පොල් වගාවේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,000 ක් වෙන් කර ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොල්වලට විදේශ රටවල විශාල ඉල්ලුමක් තිබීමෙන් ප්‍රයෝජනය ගෙන ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට පොල් වගාව යොදාගත හැකි බවත් විවිධ හේතු මත පොල් වගාව නිසි පරිදි පවත්වාගෙන නොයෑම නිසා පසුගිය වසර වන විට වාර්ෂික පොල් අස්වැන්න සියයට 10 ක් පමණ අඩු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
උතුරු පොල් ත්‍රිකෝණයට ලක්ෂ 10 ක් සහ අනිකුත් ප්‍රදේශවලට ලක්ෂ 15 ක් ලෙස නව පොල් පැළ ලක්ෂ 25 ක් රෝපණය කරන බවත් පොල් වගාවට හානියක් නොව පොල් අස්වැන්න වැඩි කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි කෝටි 420ක් දක්වා ඉහළට ගෙන ඒමේ සැලසුමක්