ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වනAgentri AI එළිදැක්වීමට පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළෙඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන සඳහා AI තාක්ෂණය ක්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සමග කතිකා කිරීමට 99x හි ගෝලීය නායකයන්ට හැකි විය.
මෙම එළිදැක්වීමේ අවස්ථාව සඳහා 99x Asia හි නිර්මාතෘ මනෝ සේකරම්, 99x නෝර්වේ හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre stlie, 99x නෝර්වේ සමූහයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී Trygve Moe, ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙහානි සෙනෙවිරත්න සහ 99x නිෂ්පාදන ඉංජිනේරු, ප්‍රධාන AI නිලධාරී චතුර ද සිල්වා ඇතුළු 99x නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ එක්ව සිටියහ.
උත්සවය ආරම්භ කරමින් 99x නිෂ්පාදන ඉංජිනේරු අංශයේ ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට මහතා ගෝලීයAI ක්ෂේත්‍රයේ 99x හි දැක්ම සහ අපේක්ෂා ඉදිරිපත් කළේය. 99x ඉංජිනේරු කණ්ඩායම් AI මෙවලම් භාවිත කර ඇති ආකාරය සහ AI විශේෂාංග සක්‍රීය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා බොහෝ ගනුදෙනුකරුවන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳව ඔහු කරුණු දැක්වීය. ඉන් අනතුරුව මෙම උත්සවයේ කැපී පෙනෙන අංගය වූයේ 99x හි ස්වයංක්‍රීය බහු විශේෂිතAI පද්ධතිය (Agentic Orchestrator Platform) නිල වශයෙන් එළිදැක්වීමයි. මෙම Agentri පද්ධතියෙන් ගනුදෙනුකරුවන්ට කර්මාන්ත හරහා ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලි පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙන අයුරු ද හසිත් යග්ගහවිට පෙන්වා දුන්නේය.
Generative AI ක්‍රියාවලිය මේ වනවිට දැවැන්ත ඉදිරි පියරවක් සනිටුහන් කර තිබෙන නමුත් සැබැවින්ම පරිවර්තනයක් සිදු වන්නේ සම්මිශ්‍රණය වූ ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීම සඳහා AI නියෝජිතයන් ඒකාබද්ධ කිරීමෙන් බව හසිත් යග්ගහවිට මෙහිදී පැහැදිලි කළේ ය. ඉංජිනේරු විශේෂඥතාව, නවෝත්පාදනය සහ මානව තීක්ෂණ බුද්ධිය ඒකාබද්ධ කරන බහුපියවර පද්ධතියක් වනAgentri AIපිටුපස තිබෙන මූලික අදහස මෙය බව ඔහු පැවසීය. වඩාත් ප්‍රබල හා ඵලදායී විසඳුමක් වශයෙන් 99x විසින්ම නිර්මාණය කරනු ලැබූ ස්වයංක්‍රීය බහු විශේෂිතAI පද්ධතිය, මේ වනවිට ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සැබෑ ප්‍රතිඵල අත්පත් කර දෙමින් තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසර පුරාවට 99x හි Agentic AI රාමුව මූල්‍ය සේවා, නීතිමය, රක්ෂණ, ප්‍රවාහන සහ ගිණුම්කරණය වැනි අංශ හරහා ව්‍යාපෘතීන් සාර්ථකව මෙහෙයවා තිබේ. එම ව්‍යාපෘතිවල වටිනාකම් ප්‍රමාණාත්මක වශයෙන් ලබා දී තිබෙන අතර ව්‍යාපාර සඳහා වේගවත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ද උපකාරී වී ඇත. මෙම සාර්ථකත්වය නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තතනයේ විශ්වාසවන්ත ගෝලීය හවුල්කරුවකු ලෙස 99x හි ස්ථාවරත්වය මනාව පිළිබිඹු කරනු ලබයි.
99x සමූහයේ ගෝලීය ගමනෙහි වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කරමින්, 99x නෝර්වේ හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී Odd-Sverre Stlie විසින් සමාගම යුරෝපය, ඇමරිකාව සහ ආසියාව පුරා ස්ථාවරව ව්‍යාප්ත වූ අයුරු මෙසේ පෙන්වා දුන්නේය. ‘පසුගිය වසර පුරාවට අපගේ වර්ධනය නවෝත්පාදන අරමුණුවලින් සමන්විත වූ අතර, අපගේ ගනුදෙනුකරුවන්ට තාක්ෂණයෙන් සාර්ථක වීම සඳහා උපකාර වීමට ගැඹුරින් අවධානය යොමු කළේ ය. ඒ සඳහා අපි යුරෝපයේ ඉහළ කාර්යසාධනයක් සහිත සමාගම් කිහිපයක් අත්පත් කරගෙන තිබෙන අතරම තවත් ඉල්ලුම්කරුවන් දෙපළක් සමග ක්‍රියාකාරී සාකච්ඡාවල යෙදී සිටින්නෙමු. අපගේ මෑත කාලීන අත්පත් කර ගැනීම් අතරට Solvr සහ Clave සහ Fabres (පෝලන්තය) හි ප්‍රධාන කොටසක් ඇතුළත් වේ. අපගේ ඉලක්කය වන්නේ අපගේ සමාගම ක්‍රියාත්මක වන සියලුම කලාපවලින් ඉහළම තාක්ෂණ කුසලතා එක්රැස් කර ගැනීමට හැකි, දිගුකාලීන වටිනාකමක් සහිත ඉංජිනේරු හවුල්කරුවකු වීමයි’’
2025 දෙසැම්බර් මස 04
120
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යවසාය ක්ෂේත්‍රයේ බහුකාර්යතාව වැඩි දියුණු කරමින් 99x වෙතින් Agentri AI නිල වශයෙන් හඳුන්වා දෙයි