වයඹ පළාත් සභාවේ කර්මාන්ත හා සේවා කාර්යාංශය සංවිධානය කළ ලබන වයඹ විජයාභීමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙල ඉරිදා වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වයඹ පළාතේ ක්‍රීයාත්මක වන කෘෂිකාර්මික , පශු සම්පත් , ධීවර , සේවා හා සංචාරක ව්‍යාපාර , කර්මාන්ත නිශ්පාදන යන ක්ෂේත්‍රවල නියෙලී සිටින ව්‍යවසායකයින් දිරි ගැන්වීම වෙනුවෙන් මෙම උළෙල සංවිධානය කර තිබුණි.
වයඹ පළාතේ ප්‍රධාන ලේකම්, කර්මාන්ත සේවා කාර්යාංශයේ සභාපති ජයන්ත විජේරත්න , වයඹ කර්මාන්ත හා සේවා කාර්යාංශය විධායක අධ්‍යක්ෂ නීලකාන්ත වන්නිනායක මහතාගේ අධීක්ෂණයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහාතාගේ සභාපතිත්වයෙන් යුක්ත විනිසුරු මණ්ඩලයක් යටතේ වයඹ කර්මාන්ත හා සේවා කාර්යාංශය ලැබුණු අයදුම්පත් 100 අතුරින් සම්මාන ලාභීන් තෝරාගෙන තිබුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
හදවතින්ම සුබ පැතුම්! (නි)