(තිළිණි ද සිල්වා)
ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර ප‍්‍රධාන රටවල් 100 අතරට ශ්‍රී ලංකාවද තේරී පත් ව ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.
ඒ අනුව ලබන වසරට අදාළව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පත් වී ඇත.
ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා තෝරා ගනු ලැබූ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව මෙම ස්ථානයට තේරී පත්ව ඇත.
ඉකුත් වසරේදී මේ සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන කළ දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාව පසුවූයේ 111 වැනි ස්ථානයේ වන අතර මෙවර එය ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
ලෝකයේ ව්‍යාපර සඳහා හිතකර රටවල් ලැයිස්තුවේ මෙහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තය, සිංගප්පූරුව සහ ඩෙන්මාර්කය යන රටවල් තේරී පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන හැටියට ආයේ හොරුයි, මිනීමරුවොයි රජ වුනාම නොවරදවාම 100 දෙසීයට බහීවි...
මොනවා කරන්නත් ලෝක නායකයින් රටේ නායක දෙපල පිළිඅරගෙන, ණය මුදල් දේවිද? දැන් දුන්නු සහන හෙට වෙනකොට කපා දමා පුරුදු විදියට යම පාලනය පටන් ගනියි.
මේක හදලා තියෙන්නේ ඊයේ පෙරේදා පෙරළියට කලින් වාර්තා වලට අනුවයි. දැන් හැදුවොත් එහෙම 175න් එහා තමයි .
ගල්ෆ් කුමාර් කාන්තාරේ ජීවත් වෙලා ඔලුව කර වෙලා වගේ
පව් අනේ ඔයතරම් දුරකට රට ගෙනාපු අර යෝදයගේ කනෙන් ඇදල එලියට දාන්න යන එක හොඳ නැහැ නේද?
100 කියන්නෙත් දුර්වලයි කියන එක තමා