IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනය 6 වැනි සංවිධානය කරන ‘ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල සහ ජාතික ව්‍යාපෘති කළමනාකරණ සමුළුව - 2023 ලබන අගෝස්තු මස 16 වැනිදා දිනය පුරා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වේ.

ව්‍යාපෘති කළමනාකරණ සමුළුව එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා ද, විශිෂ්ටතා සම්මාන උළෙල එදින පස්වරු 6.30 සිට ද, පැවැත්වීමට නියමිතය.

මෙවර සම්මාන සඳහා ලියාපදිංචි ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපෘති කළමනාකරණ සංවිධානයකට හෝ ආයතනයකට අයදුම් කළ හැකි අතර අයදුම්පත්  www.pmicolombo.org  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

මෙහිදී කාණ්ඩ 20 ක් යටතේ ශූරතාවට සහ අනුශූරතාවට සම්මාන පිරිනැමෙන අතර ව්‍යාපෘති කළමනාකරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම, අනුමත විෂය පථයක්, කාලරාමුවක් සහ අයවැයක් තිබීම සහ මෙම වසරේ මාර්තු 31 වැනිදා වන විට සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් වීම ආදි නිර්ණායකයන් රැසක් ද අයදුම් කිරීමේදී සම්පූර්ණ කළ යුතුය.  

සම්පූර්ණ කළ අයදුම්පත් සහ සෙසු ලේඛන ද සමඟ මේ මස 20 වැනිදාට පෙර  [email protected]  විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු අතර වැඩි විස්තර 0777810899 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටන් ඇගයීම මෙම සම්මාන උළෙලේ පරමාර්ථය බවත් ව්‍යාපෘති කළමනාකරුවන් අත්දැකීම්වලින් පරිපූර්ණ වෙමින්, යාවත්කාලීන වෙමින් සහ විශිෂ්ටයන් බවට පත්කිරීම කළමනාකරණ සමුළුවේ අරමුණ බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනයේ සභාපති සමන් කඳනාරච්චි මහතා පැවසීය.

මෙවර සමුළුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ වෘත්තීයවේදීන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්‍ෂාකරන බව කී කඳනාරච්චි මහතා වර්තමානයේ ව්‍යාපෘති කළමනාකරණයේ නියැලී සිටින සහ ව්‍යාපෘති කළමනාකරණය හදාරණ පුද්ගලයන්ට මෙම සමුළුව වැදඟත් වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 

-යොහාන් භාසුර-



අදහස් (0)

ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන අයදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site