IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වඳුරැස්ස වේවැල් කර්මාන්තයේ අර්බුදය

 

  • වඳුරැස්ස ගම්මානයේ පාරම්පරිකව වේවැල් කර්මාන්තයේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව පහකට හයකට සීමාවෙලා
  • වේවැල් භාණ්ඩ අලෙවි කරගන්න සුදුසු වෙළෙඳපොළක් නැහැ
  • වේවැල් සොයන් කපාගෙන එන්න දවස් 5-6 ක් විතර කාලයක් යනවා
  • වේවැල් කපන්න ගියාම වනජීවි එකේ නිලධාරින් අපි අල්ලගන්න ගන්න අවස්ථා තිබෙනවා
  • රජයෙන් කියල මේ කර්මාන්තය වෙනුවෙන් කිසිම සහනයක් නැහැ
  • අඩු මිලට ප්ලාස්ටික් භාණ්ඩ වේවැල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසුණා
  • පස් අදින්න ගන්න කූඩයක් රුපියල් 1800 කට අලෙවි කළේ නැත්නම් වෙන මහන්සියෙ හැටියට පාඩුයි
  • සාමාන්‍යයෙන් කූල්ලක් රුපියල් 1700 - 1800 ක් 

බිංගිරිය වික්ටර් සෝමවීර


පාරමිපරිකව වසර ගණනාවක සිට වේවැල් උපයෝගීකරගෙන විවිධ අත්කම් භාණ්ඩ නිපදවන සත්කෝරළයේ එකම ගම්මානය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණ හල්මිල්ලවැව වඳුරැස්ස ගම්මානයේ වේවැල් කර්මාන්තයට නරක කල දසාවක් උදාවී ඇත. 

කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය වේවැල් සොයා ගැනීමේ අපහසුතාව හා වේවැල් භාණ්ඩ පහසුවෙන් අලෙවි කරගැනීමට වෙළෙඳපොළක් නොමැති වීම නිසා මෙම ප්‍රදේශයේ වෙසෙන පවුල් විශාල ගණනක් වේවැල් කර්මාන්තය අත්හැර දමා වෙනත් රැකියාවල නිරත වී සිටින බව වඳුරැස්ස ගම්මානයේ වැසියෝ පවසති. 

වේවැල් කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් නොලැබීම හා ජීවත්වීමට සරිලන පරිදි ආර්ථිකයක් නොමැතිවීම නිසා වඳුරැස්ස ගම්මානයේ වැසියන් මේ වන විට නිවෙස්වල ඉවත දමන පොල්කටු පරණ පත්තර පොත් පත් පරණ යකඩ තහඩු බෝතල් වැනි දේවල් නිවෙස් වෙත ගොස් එකතූ කොට ඒවා තොග වශයෙන් මිලදී ගන්නා ස්ථානවලට අලෙවි කිරීමේ ව්‍යාපාර කිරීමට පටන්ගෙන ඇත. 

මෙම කර්මාන්තයට නරක කල දසාවක් උදාවූයේ විවිධ ආකාරයේ පලාස්ටික් භාණ්ඩ වෙළෙඳපොළට බහුල වශයෙන් පැමිණිමත් සමග බව වේවැල් කර්මාන්තයෙන් වසර ගණනාවක් ජීවත් වූ වඳුරැස්ස ගම්මානයේ වැසියෝ කියති.

දැනට වඳුරැස්ස ගම්මානයේ පාරම්පරිකව වේවැල් කර්මාන්තයේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව පහකට හයකට සීමා වී ඇත. මෙම කර්මාන්තයේ පවතින ගැටලු‍ පිළිබඳව අදහස් දැක්වූ වඳුරැස්ස පදිංචි ඒ තිලක මහතා කියා සිටියේ මෙවැන්නකි. 

අපිට වේවැල් භාණ්ඩ අලෙවි කරගන්න සුදුසු වෙළෙඳපොළක් නැහැ. ඉස්සර කාලෙ වගේ පයින් ගිහින් භාණ්ඩ විකුණන්න අමාරුයි. කලින් එහෙම සිරිතක් තිබුණා. එහෙත් දැන් පා පැදියෙන් ගිහින් තමයි භාණ්ඩ අලෙවිකරන්නෙ. එදිනෙදා වියදමට සරිලන පරිදි පා පැදියෙන් ගිහින් භාණ්ඩයක් දෙකක් අලෙවි කරගන්න පුළුවන්. මේ කර්මාන්තය අපේ අම්මල තාත්තල කරපු රැකියාවක් නිසා බොහොම වටිනා එකක්. කූඩා දෙක තූනක් අරගෙන හලාවත ආනමඩුව පුත්තලම කූලියාපිටිය බරාගෙදර උඩුබද්දාව වගේ ප්‍රදේශවලට පා පැදියෙන් යනවා.  පා පැදිය හුඟක් දුරකට පැදගෙන යන්න අමාරුයි. 

මේ කර්මාන්තය අපිට දිගටම කරගෙන යන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. වෙවැල් හොයාගන්න හරිම අමාරුයි. මේ පළාත්වල වේවැල් නැහැ. ඒ නිසා අපිට පොලොන්නරුව කදුරුවෙල වැනි දුරබැහැර පළාත්වලට යන්න සිදුවෙලා තිබෙනවා. වේවැල් සොයන් කපාගෙන එන්න දවස් 5 -6 ක් විතර කාලයක් යනවා. කූලි හයර් එකට වාහන අරගෙන ගිහින් වේවැල් හොයාගෙන එන්න තරම් මුදලක් අපේ අතේ නැහැ. පාරේ බස් එකේ ගිහින් පාරේ බස් එකේම තමයි වේවැල් අරගෙන එන්නෙ. වේවැල් කපන්න ගියාම වනජීවි එකේ නිලධාරින් අපි අල්ලගන්න ගන්න අවස්ථා තිබෙනවා. රජයෙන් කියල මේ කර්මාන්තය වෙනුවෙන් කිසිම සහනයක් නැහැ. 

වේවැල් කර්මාන්තය අභාවයට යන්න නොදී තව දුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා කරපු රැකියාවලින් ඉවත් වෙලා නැවතත් දෑතේ කර්මාන්තයක් වන වේවැල් රැකියාවම කරන්න පටන් ගත්තා. මේ කර්මාන්තයට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන වේවැල් සොයා ගැනීම හරිම අපහසුයි. කරන්න වෙන රැකියාවක් නැති නිසා තවමත් අමාරුවෙන් හරි කරනවා. හුඟාක් දෙනෙක් දැනට රැකියාවෙන් අයින් වෙලයි ඉන්නෙ. අපේ වඳුරැස්ස ගමේ දැනට වේවැල් භාණ්ඩ හදන පවුල් 5 - 6 ක් වගේ පිරිසක් ඉන්නෙ. දුක් මහන්සි වෙලා හදන වේවැල් භාණ්ඩ සමහර දවස්වලට අලෙවිකර ගන්න බැරුව යනවා. ඉස්සර කාලේ වගේ අපි වේවැල් භාණ්ඩ අරගෙන ගෙවල් ගානෙ යන්නෙ නැහැ. 

වෙළෙඳපොළේ දැන් කාලෙ ප්ලාස්ටික් භාණ්ඩ ඕනෑ තරම් තිබෙනවා. ඒවායෙ මිලත් අඩුයි. ඒ නිසා බොහො දෙනෙක් අඩු මිලට ප්ලාස්ටික් භාණ්ඩ ගන්නවා. අපි කරන වෘත්තීයට පහර වැදිල තියෙන්නෙ එනිසයි. අපේ බඩ වියත රැක ගන්න තියෙන කර්මාන්තය ප්ලාස්ටික් නිසා සම්පූර් ණයෙන්ම වැනසුණා. ඒ නිසා වේවැල් කර්මාන්තයෙන් ජිවත් වෙන්න අපහසුයි. ඉස්සර වගේම දැනුත් අපි කෑම මේසයේ බත් වහන වටිටි වේවැල්වලින් හදනවා. ප්ලාස්ටික්වලින් හදල තියෙන බත් වහන වට්ටිවලින් බත්වල හුමාලය උරා ගැනීමක් සිදුවෙන්නෙ නැහැ. හැබැයි වේවැල්වලින් හදන වටිටිවල හුමාලය උරා ගැනීමක් සිදුවෙනවා. වේවැල්වලින් පස් අදින කූඩ කූලු‍ පෑස් මීඇට හිඳින ගොටු කිරිගොටු ඉඳිආප්ප තටිටු වළං තියන දරණු පෙට්ටි ආදි විවිධ භාණ්ඩ හදන්න පුළුවන්. 

පස් අදින්න ගන්න කූඩයක් රුපියල් 1800 කට අලෙවි කළේ නැත්නම් වෙන මහන්සියෙ හැටියට පාඩුයි. සාමාන්‍යයෙන් කූල්ලක් රුපියල් 1700 - 1800 ක් වෙනවා. තිඹිරි ගාල සවි ශක්තියෙන් යුතුව හදපු කූල්ලක් රුපියල් 2500 ක් විතර වෙනවා. කොහොමත් මේ ආකාරයට හරි අපි කර් මාන්තය පවත්වාගෙන ආවට තරුණ පිරිස මේ රැකියාවලට යොමුවෙන්නෙ නැහැ. අපෙන් පස්සේ වේවැල් කර්මාන්තය සමිපූර්ණයෙන්ම අභාවයට යයි කියල හිතෙනවා. විශේෂයෙන්ම වඳුරැස්ස ගමිමානයේ වේවැල් කර්මාන්තය දියුණු කරන්න රජයේ බලධාරින්ගෙ අවධානය යොමු කීරීම විශේෂයෙන් වැදගත්. 

වඳුරැස්ස ගම්මානයේ වේවැල් කර්මාන්තයේ යෙදෙන ආර්.චුටේ මෙසේ පැවැසීය.     

මෙතෙක් බලයට පත් වූ කිසිම රජයක් වඳුරැස්ස ගමේ ජීවත්වෙන අපි ගැන සොයා බැලු‍වෙ නැහැ. කර්මාන්තය කරගෙන යන්නෙ කොහොමද ජීවත්වෙන්නෙ කොහොමද කියල බලධාරීන් කියන උදවිය කවුරුවත්ම බැලු‍වෙ නැහැ. දැනට මම කර්මාන්තය පටන් අරගෙන වසර 20 - 25 ක් පමණ වෙනවා. කූඩා කුලු‍ වට්ටි පෙට්ටි වගේම ඉල්ලන ඕනැම දෙයක් වේවැල්වලින් හදල දෙන්න මට පුළුවනි. වේවැල් භාණ්ඩ හදල ඉවර වෙලා පා පැදියෙන් ගිහින් තමයි අලෙවි කරන්නෙ.

වේවැල් වලින් කරවල කූඩා ආදියත් හදනවා. භාණ්ඩ හදන්න අපි වෙන මහන්සියේ හැටියට සාධාරණ මිලකට අලෙවි කරගන්න බැරිවෙන අවස්ථා තිබෙනවා. සතිඅන්ත පොලවල්වලට ගිහින් අලෙවි කරගන්නත් අපහසුයි. එදිනෙදා ජීවත්වෙන්න ප්‍රමාණවත් මුදලක් හොයාගන්න අපිට ලොකූ සටනක් කරන්න සිදුවෙලා තිබෙනවා. කර්මාන්තයේ නිරත වෙලා හිටිය අය මේ රැකියාවෙන් අයින්වෙලා වෙන රැකියා කරන්න පටන් අරගෙන තිබෙනවා. නිවෙස්වල පාවිචිකරන පුටු සෙට් වුණත් වේවැල් වලින් හදන්න පුළුවන්. පුටු හදන්න මා වේවැල් ඕනෑ. මාවේවැල් අතින් නවන්න අපහසුයි. ඒ වගේ වැඩවලට අවශ්‍ය යන්ත්‍ර උපකරණ අපි ළඟ නැහැ. වේවැල් භාණ්ඩ නිපදවන මහ පරිමාණයේ ව්‍යාපාරකයන් අපි වගේ කැළේ රිංගල කටු ඇනගෙන තුවාල කරගන්නෙ නැහැ. ව්‍යාපාරිකයන් ළඟටම වේවැල් ටික ගිහින් දෙනවා. ඒ අයට වේවැල් භාණ්ට අලෙවිකර ගන්න අපහසුවකූත් නැහැ. පවුලක් නඩත්තූ කරන්න ඕන හින්ද හිතේ හයිය අරගෙන කීයකට හරි බයිසිකලේ පැදගෙන ගිහින් භාණ්ඩ අලෙවිකරගෙන එනව. කවුරු හෝ පරිත්‍යාගශිලි අයෙක් බැටරියෙන් ක්‍රියාත්මක වෙන යතූරුපැදියක් ගන්න උපකාරයක් කළොත් එය ලොකූ සහනයක්. 

බිංගිරිය උරාපොත්ත ගමිමානයේ මැටි වළං කර්මාන්තය තරමටම වෙළෙඳපොළක් අහිමිවීමෙන් ජීවත්වීමට මගක් නොමැති තරමටම වඳුරැස්ස ගම්මානයේ වේවැල් කර්මාන්තයද වළපල්ලට යන්නට ඉඩ නොදී අනාගතය වෙනුවෙන් රැක ගැනීමට යම් වැඩපිළිවෙළක් යෙදිය යුතූ නොවේද 



අදහස් (0)

වඳුරැස්ස වේවැල් කර්මාන්තයේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site