IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


විනිමය අනුපාතිකය - උද්ධමනයේ බලපෑමේ මිශ්‍ර ප්‍රතිඵල

ජාතික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතිකය ඔක්තෝම්බර් මාසයේ දී සියයට 2.7 කින් ඉහළ ගොස් තිබේ. එයට කලින් මාසයේ පැවැති සියයට 2.1 ක අනුපාතිකය අනුව සලකන පසු ජීවන වියදම තවත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ආහාර මිල ගණන් ඉහළ යෑම කලින් මාසයට වඩා සියයට 4.1 ක් බව සඳහන්ය.

 උත්සව කාලසීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කළ හැකිය. මේ අතර විනිමය අනුපාතිකය ද වෙනස් තැනකට ගමන් කරන බව දැක්වේ. ඉකුත් සතිය අවසන් වන විට ඇමරිකානු ඩොලරයක විකිනුම් මිල රුපියල් 311.41 ක් වශයෙන් මහ බැංකුව නියම කර තිබුණි. රුපියලේ අගය අවප්‍රමාණය සමග උද්ධමනය හා පොලී අනුපාත තව දුරටත් ප්‍රශ්නකාරී විය හැකිය. ආයෝජන අංශ මෙම පසුබිම අධ්‍යයනය කරන අතර එයට අමතරව දේශපාලන පීඩනය ගැන ද තද අවධානයක පසුවන බව සඳහන් කළ යුතුව තිබේ. රුපියලේ අගය අවප්‍රමාණය විදේශ ආයෝජකයන්ගේ මිල දී ගැනීම් සඳහා රුකුලක් විය හැකිය. සංචාරක කටයුතුවල හා අපනයන අංශයේ ද පිබිදීමකට හේතුවේ. මෙකී ස්වභාවය සලකා ඉදිරි දිනවල කොටස් වෙළෙඳපොළ වර්ධනයක් කරා ගමන්කරනු ඇති බවට සලකුණු සනිටුහන් කරයි. 

මේ අතර තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 126.9 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 290.8 කි. පසුගිය සතියේ ගනුදෙනු කාලය තුළ පමණක් විදේශ විකිණීම් හෙයින් රුපියල් මිලියන 461 ක ශුද්ධ වටිනාකමක් රටින් බැහැර වී තිබේ. 

මෙදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,982.72 ක් තෙක් පහළ ගියේය. දින දොළහකට කලින් තිබුණ මට්ටම කරා ආපසු පැමිණ තිබේ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 122.24 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,364.61 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 17.51 ක පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.8කි. ගනුදෙනු 30,302 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 146.6 ක් විය. සමාගම් 107 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 139 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 51.1 ක පැවැතිණි.

නිරීක්ෂක



අදහස් (0)

විනිමය අනුපාතිකය - උද්ධමනයේ බලපෑමේ මිශ්‍ර ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site