IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෙන්කඬේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ENOVA නාමයෙන් සිල්ලර ඇසුරුම් පරාසයේ තෙල් සහ මාගරින් නිෂ්පාදන එළිදක්වයි

පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට සහ කලාපීය ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා නිර්මාණය කර ඇති උසස් තත්වයේ ආහාරයට ගත හැකි තෙල් සහ බේකරි මේද සමගින් තම නිෂ්පාදන පරාසය පුළුල් කරන බැවින් මෙම දියත් කිරීම සමාගම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. අලු‍තින් හඳුන්වා දුන් සිල්ලර ඇසුරුම් පරාසයේ ආහාරයට ගත හැකි තෙල් සහ මාගරින් සහ බේකරි මේද නිෂ්පාදන මූලික වශයෙන් ම පහසුව, ගුණාත්මකභාවය සහ පාරිභෝගික විශ්වාසය පදනම් කර ගනිමින් වැඩි දියුණු කර ඇති අතර, ගෘහස්ථ සහ ව්‍යාපාරවලට එදිනෙදා ආහාර පිසීම සහ බේකරි කටයුතු සඳහා විශ්වාසදායී අමුද්‍රව්‍ය ලබා දීම සිදු කරයි.
2014 වසරේ දී යාපනයේ දී සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද වෙන්කඩේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම උතුරු පළාතේ පළමු සහ විශාලතම ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදකයා බවට පත් විය. සමාගම RBD තෙල් (පාම් ඔලීන්, පොල්තෙල්, රයිස් බ්‍රෑන් තෙල්) නිෂ්පාදනය කිරීම පිළිබඳ ව විශේෂඥතාවක් දක්වයි. සමාගම මෑතක දී මාගරින් සහ බේකරි මේද නිෂ්පාදන සහ පෑන් ලු‍බ්රිකන්ට්ස් ආදිය ඇතුළත් වන ලෙස සිය නිෂ්පාදන පරාසය පුළුල් කළේ ය. වෙන්කඩේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම සිය අලෙවිකරණ සහ විකුණුම් කාණ්ඩයට සිල්ලර හා නවීන වෙළෙඳාම ඇතුළත් කිරීමට එහි පවතින තොග වෙළෙඳපොළ පුළුල් කිරීමට සහ සමාගමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සියලු‍ම ප්‍රදේශවල ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීමට සැලසුම් කරයි.
සමාගම එහි උසස් තත්වයේ නිෂ්පාදන, ඉහළ නිෂ්පාදන පහසුකම් සහ ප්‍රමිති සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. වෙන්කඬේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ්, යාපනය දිස්ත්‍රික්කයේ ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදනයේ උසස් පෙරහන් කිරීමේ තාක්ෂණයේ පුරෝගාමියකු වන අතර නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරයකදීම දැඩි තත්ව පාලන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරයි. තිරසර නිෂ්පාදන පිළිවෙත් සහතික කිරීමේ පහසුකම් සහිත වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් ISO 9001:2015, HACCP, GMP  සහ හලාල් සහතික ලත් සමාගමකි.



අදහස් (0)

වෙන්කඬේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ENOVA නාමයෙන් සිල්ලර ඇසුරුම් පරාසයේ තෙල් සහ මාගරින් නිෂ්පාදන එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site