( තිළිණි ද සිල්වා )
කෝවිඩ් 19 වසංගතය පැවතියද සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑම සඳහා මෙරට වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අද (4) සිට පියවර ගත්තේය.
ගෝලීය වසංගත තත්ත්වය මත සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටුණද , වසංගතය පහව ගිය පසු විදෙස් සංචාරකයන් ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි වැඩියෙන් යොමු කර ගැනීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.
මේ යටතේ අද (04) ලබන 14 වැනිදා තෙක් අලි ඇතුන් , ශ්‍රී ලංකා දිවියන් ඇතුළු මෙරට ආවේනික විවිධ සතුන් සිටින මින්නේරිය , කවුඩුල්ල , යාල සහ උඩවලව ජාතික වන උද්‍යානවල ඇති දසුන් සජීවී විද්‍යුත් විකාශය (Live Streaming) හරහා ලෝක ප්‍රජාවට දැක බලා ගත හැකි බව එම කාර්යාංශය සදහන් කරයි.
එම වන උද්‍යානයන්හි විස්මිත දර්ශන හා සිදුවීම් ලෝක සංචාරක ප්‍රජාව වෙත සජීවීව විකාශය කිරීම සිදු කරන අතර මේ මඟින් ලංකාවේ ස්වභාව සෞන්ද ර්ය අසිරිය කෙරෙහි විදේශ සංචාරකයන් ආකර් ෂණය වනු ඇතැයි එම කාර්යාංශය අපේක්ෂා කරයි.
එම විකාශයන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සමාජ මාධ්‍ය සහ ඊට අනුබද්ධ වෙබ් අඩවිය ඔස්සේ අදාළ වන උද්‍යාන වල සිට සිදු කෙරේ.
සංචාරක කර්මාන්තය රටේ ආර් ථිකයට සෘජුව බලපෑම් කරන බැවින් සියල්ල යථා තත්ත්වයට පත්වෙන තුරු , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර් යාංශය මෙලෙස ජනතාව මුල්කරගත් හා ජනතාව සම්බන්ධ කරගත් ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක බවද එම කාර්යාංශය කියා සිටී.
මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ඕනෑම අයෙකුට හැකි අතර මේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ නිවාඩු අවස්ථාවන් දිනාගැනීමේ වරම් සජීවී විකාශය නරඹන විදේශිකයන් හට තිළිණ කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා ය.
මේ පිළිබද වැඩිදුර දැනුම්වත් වීම් www.srilanka.travel යන වෙබ් අඩවිය මඟින් හෝ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර් යාංශයේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිස ලබාගත හැකි බව ද එම කාර් යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන උද්‍යාන දසුන් සංචාරකයින්ට බලන්න විද්‍යුත් විකාශයක්