IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


විදෙස්ගත ලාංකිකයන් පළමු මාස 9දී ඩොලර් බිලියන 5.81 ක් එවලා

සැප්තැම්බරයේදී එවූ මුදල ඩො. මි. 695.7 ක්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක්


විමුක්ති එස් රුද්‍රිගු


විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත්, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් ඒවා ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක සහ පසුගිය වසරේ පළමු මාස 9 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.84 මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. 2018 වසරින් පසුව වසරක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේදී මෙරටට ලැබී තිබූ අතර, විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබුණේය. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් විය.

වත්මන් ප්‍රවණතාව අනුව ශ්‍රී ලංකාවට එම ඉලක්කය මෙම වසරේදී පහසුවෙන් පසුකර යාමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.



අදහස් (0)

විදෙස්ගත ලාංකිකයන් පළමු මාස 9දී ඩොලර් බිලියන 5.81 ක් එවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 581 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 499 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site