හර්ෂණ තුෂාර සිල්වා
මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
කෙසේ නමුත් එම ප්‍රමාණය තිබිය යුතු යැයි අපේක්ෂිත පහසු විදෙස් සංචිත මට්ටමට වඩා මිලියන 200 ක් අඩු යැයි ද පැවසේ.
නොවැම්බර් 14 වැනි දා වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.2ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
ඊට පෙර විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් වූ අතර ආසියානු නිශ්කාෂණ ඒකකයේ, නිශ්කාෂණ හේතුවෙන් ඩොලර් මිලියන 500 කින් සංචිත අඩු වී බව ද කුමාරස්වාමි මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද අගමැතිවෙලා දින කීයද? ඔන්න ප්‍රථිඵල...
බැසිල් සහ ගෝඨාභයගේ ඇමරිකානු වත්කම් එළියට දාන්න කියන්න.. තව ඉහළ යනහැටි බලන්න. ඒ එක්කම රනිල්ගේ යාළුවගේ ඩොලරුත් දාන්න කියන්න එළියට සිංගප්පූරුවෙන් සේරම ඉහළ යයි..
ඇත්තටම තාමත් සමහරු මේ ප්‍රශ්නය දකින්නේ වහල් සිතින් ..කරුණාකර මහින්දට හෝ රනිල්ට සිරිසේන ට ගැති නොවී මේ දිහා බලන්න පුරවැසියෙක් විදියට ...මහින්දගේ පත්වීම කරන්න තිබුනේ ඉතාමත් වැදගත් විදියට පාර්ලිමේන්තුවේ එය සම්මත කිරීමට දිනයක් නියමකිරීමෙන් පමණි ...එසේ නොකිරීමෙන් මේ ප්‍රශ්නය පැනනැගුන ...දැන් රැස්වන හැමදිනයක සිදුවන සිද්දීන් වලින් මුළු රටම ලෝකය ඉදිරියේ හෑල්ලුවට පත්වෙනවා ...එහි අනිසි ප්‍රතිපල සියල්ලම පුරවැසියන් වන අපිට දරන්න වෙනවා ..ඉහත තුන්දෙනාටම මේ සිදුවීම් වලින් පුද්ගලිකව කිසිදු නරකක් කොහෙත්ම සිදුවෙන්නේ නැහැ ...දැන්වත් මහින්දගේ පත්වීමට පාර්ලිමේන්තුවේ නිසි පරිදි චන්දය විමසීමක් කරන්න ජනාධිපතිට වගකීමක් තියෙනවා..රනිල් එක්ක හෝ මහින්ද එක්ක තිබෙන පුද්ගලික මතබේද කරුණාකර වෙනම බේරගන්න ...පුරවැසියන් වන අපිට මේ සිද්දියත් දරුනුවටම බලපානවා...මේ විදියට රට අස්ථාවර කරන්න එපා පුද්ගලික උවමනා එපාකම් නිසා ..ජනදිපතිකම තියාගන්න උත්සහ ගන්න එපා මේ වෙලාවේ තවදුරටත් 2020 දී කරුණාකර දේශයේ නාමයෙන් ඉවත්වෙලා යන්න ...ඔබට පලිමෙන්තුවේ නිවැරදි චන්දයක් පවත්වන්න තරම්වත් අවංක වෙන්න බැරිවුණා ...ජනතාවට බොරු කරන්න එපා..