IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදේශීය සමාගම්වල කොටස් මිලදී ගන්නා කොටස් තැරැව්කාර සමාගම් ලංකාවේ නෑ


භානුක අමරසිංහ


සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම්වල මුදල් ආයෝජනය කිරීමට පහසුකම් සලසන බව පවසමින් විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීම සඳහා මෙරට කිසිදු සමාගමකට බලපත්‍ර ලබාදීමක් කර නොමැති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි.

විදේශීය රටවල ගනුදෙනු සිදුකරන සමාගම්වල කොටස්වල මුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට සඳහන් කරමින් විවිධ තැරැව්කාර ආයතනවල නියෝජිතයන් හරහා ලැබෙන දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ලංකාදීප FT සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා මේ බව සඳහන් කළේය.

“සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගම්වල මුදල් ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට සඳහන් කරමින්, විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් බව පවසමින් ජනතාව වෙත ලබා දෙන දුරකතන ඇමතුම් ගැන අපිට දැනගන්න ලැබෙනවා. එහෙත් විදේශීය රටවල කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට කිසිවකුටවත් බලපත්‍ර ලබාදීමක් හෝ නියාමනය කිරීමක් හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිදු කරන්නේ නෑ’’ ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා ඇති එකම ස්ථානය කොළඹ කොටස් හුවමාරුව බවත් ඒ මහතා පවසයි.

එහි කොටස් තැරැව්කාර කටයුතු සඳහා සිය ආයතයය මගින් බලපත්‍ර ලබාදී ඇති කොටස් තැරැව්කාර සමාගම් ලැයිස්තුව සිය වෙබ් අඩවිය වන  www.sec.gov.lk සහ කොළඹ කොටස් හුවමාරුවේ www.cse.lk  යන වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කර ඇතැයිද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

“දැනටමත් මේ සම්බන්ධයෙන් මහ බැංකුව, පොලිසිය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. යම් අයෙක් මෙවැනි විදේශීය සමාගම්වල මුදල් ආයෝජනය කරලා අගතියකට පත්වෙලා ඉන්නවා නම් පොලිසියට පැමිණිලි කරන්න කියලා අපි ඉල්ලනවා’’ යනුවෙන්ද ජයරත්න මහතා සඳහන් කළේය.

මේ අතර මෙවැනි ඇමතුමක් ලැබුණු විට ආදාළ නියෝජිතයාට විදේශීය සමාගමක කොටස් මිලදී ගැනීමට ඇති සුදුසුකම, දැනට රට තුළ පවතින විනිමය නීති යටතේ රටින් පිට කළ හැකි විදේශ විනිමය සීමාව, යම් කාරණාවකදී සම්බන්ධ කරගත හැකි නිලධාරීන් එම ආයතනවල සිටීද සහ එම නියෝජිත ආයතන මෙරට ලියාපදිංචි සහ නියාමනයට ලක්වන ආයතනයක්ද යන කාරණා පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.



අදහස් (0)

විදේශීය සමාගම්වල කොටස් මිලදී ගන්නා කොටස් තැරැව්කාර සමාගම් ලංකාවේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site