IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදේශගත ලාංකිකයන්ගෙන් පළමු මාස පහට ඩො.බි. 3.1 ක්

  • මැයි මාසයේදී එවා ඇති මුදල ඩො.මි. 629.3 ක්

විමුක්ති එස්. රුද්‍රිගු
රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස 5 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 18.2 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ පළමු මාස 5 දී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 2,567.5 ක මුදලක් මෙරටට එවා තිබිණි. එසේම පසුගිය මැයි මාසයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 629.3 ක මුදලක් මෙරටට එවා තිබුණු අතර එය 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 17.9 ක වර්ධනයකි. 2024 වසරේ මැයි මාසයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 544.4 ක මුදලක් එවා තිබිණි. 



අදහස් (0)

විදේශගත ලාංකිකයන්ගෙන් පළමු මාස පහට ඩො.බි. 3.1 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site