කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දත්ත සලකා බලන පසු ඊයේ දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව සියයට 63.56 ක වැනි ඉහළ ප්‍රතිශතයක පැවැතිණ. කෙසේ වෙතත් විදේශ අංශය දුබල බව පැහැදිලිය. මෙම සතියේ පළමු දින දෙක තුළ පමණක් රු. මිලියන 377.8 ක ශුද්ධ අවාසියක් විදේශ ආයෝජන අංශවල දැකගත හැකිවිය.
මිල දී ගැනිම් රු. මිලියන 346.9 ක් වන විට විකිණීම් රු. මිලියන 724.7 කි. කොළඹ හා පිටපළාත්වල දේශීය හා විදේශීය ආයෝජකයන් ඉලක්ක කරගෙන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ විනිමය හුවමාරුව හා කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය අගෝස්තු මාසයේ දී ආයෝජකයන් 150ක් සහභාගී වූ ප්‍රවර්ධන වැඩසටහනක් සිංගප්පූරුවේ දී පවත්වන ලදී. මේවායේ සාර්ථක භාවය සම්බන්ධ අභ්‍යන්තර සමීක්ෂණයකට යා යුතුව තිබේ. වෙළෙඳපොළ ස්ථාවර හා ගැඹුරු තැනකට කැඳවීම සඳහා විදේශ ආයෝජකයන්ගේ තිරසාර හැසිරීමේ රටාව ඉතාම වැදගත්ය.
(සැප්. 30) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,851.30 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 72.70 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,138.79 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 12.26 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.46 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 40,144 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 225.20 ක් විය. සමාගම් 153 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 103 කි. දිනයේ ගනුදෙනු අවසන්වන භාගයේ දී මිල දී ගැනීමේ උනන්දුව ස්ථාවර භාවයකට පැමිණි ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් මිල දී ගත් කොටස් විකිණීමට ආයෝජන අංශ ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය. ප්‍රවාහන සහ ආහාර පාන උප අංශවල කොටස් හැරුණු කොට සියලුම ක්ෂේත්‍රවලට උනන්දුව ඉහළ ගියේය. ගෘහ මෙවලම්, පාරිභෝගික ද්‍රව්‍ය, රක්ෂණ හා සිල්ලර වෙළෙඳ අංශවල පිබිදීම දිනය තුළ කැපී පෙනේ. ඇම්බියන් කැපිටල් රු. මිලියන 430 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 322 ක්, ගලධාරි හෝටලය රු. මිලියන 312 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 227 ක් අාදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශ සහභාගිත්වය සම්බන්ධ ගැටලු අවධානයට