පසුගිය දින කිහිපය තුළ සිදුවූ අනපේක්ෂිත පසුබෑම වළකාගෙන ඇති අතර ඊයේ (05) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවත ප්‍රබෝධවත්වීමක් සනිටුහන්විය. ලාබ සහිතව කොටස් විකිණීමට දරන උත්සාහය පසුගිය දින කිහිපය තුළ පසුබෑමට හේතු වූ අතර නැවත අඩු මිලට වැඩුණු සමාගම්වල කොටස් මිල දී ගැනීමට දේශීය සුළු හා ආයතනික ආයෝජන අංශ ඉදිරිපත් වී ඇත.
කෙසේ වෙතත් විදේශීය විකිණීම් බරපතළ අවාසිදායක තත්වයක තිබුණි. රුපියල් බිලියන 143 ක කොටස් මිල දී ගන්නා අතර රු. බිලියන 1,249 ක කොටස් විකිණීම් වාර්තා විය. වෙළෙඳ පොළට අහිමි වූ විදේශිය ශුද්ධ වටිනාකම රු. මිලියන 1,106ක් වැනි තැනක පැවැති අතර බැංකු අංශයේ කොටස් සඳහා මෙය බලපෑ බව දැක්විය හැකිය. විනිමය අනුපාතිකය පවතින ආකාරය කොටස් වෙළෙඳාමට අඩුම ලාබ සහිත බව විදේශික ආකල්පය වී ඇති බව පෙනේ.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,055.30 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 296.28 ක වර්ධනයකි. කෙසේ වෙතත් එය තවමත් ඉහළම අගයට වඩා දර්ශක නමසිය ගණනක පසුබැසීමක පවතී. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,823.11 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 76.12 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 16,055 ක් වූ අතර එහි දී සමාගම් 202 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 41 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 5.179 දක්වා අගයක් වාර්තා කළේය. මාර්තු 04 දා වනවිට කොළඹ කොටස් වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,616.08 දක්වා සීමා වී තිබුණි.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 1,045 ක, හේමාස් හෝල්ඩිං රු. මිලියන 356 ක, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 278 ක, සම්පත් රු. මිලියන 158 ක, එන්.ඩී.බී. රු. මිලියන 156 ක, ජෝන් කීල්ස් රු. මිලියන 104 ක, සහ හේලීස් රු. මිලියන 95 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශ විකිණීම් ඉහළට තරගකාරිත්වයට තියුණු අවාසියක්