ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රාමුව අනුව විදුලිය බල ගාස්තු නැංවීමට අනිවාර්යයෙන් ක්‍රියාකිරීම අනුව ආර්ථිකය ඉදිරියට ගමන් කරන ආකාරය විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත්ව ඇත. ඉහළ ආකර්ශනයක් සහිත සමාගම්වල කොටස් කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ අභිලාශය වූ අතර ඒවායේ කොටස් හුවමාරුව අනුව එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය සුළු පහත වැටීමට බලපෑ බව දැක්විය හැකිය. මෙම සතියේ දී ද විදේශ ගනුදෙනු සක්‍රීයවුවහොත් තව දුරටත් වෙළෙඳ පොළ දර්ශක දියුණුවන පසුබිමක් පවතී.
සිකුරාදා (මැයි 23) ගනුදෙනු අවසන් වන විට විදේශ ආයෝජන වශයෙන් රු මිලියන 353.29 ක් ලැබී තිබුණ අතර විකිණීම් රු මිලියන 197.35 කි. එක දිනක් තුළ රු මිලියන 155.94 ක මුදලක් ශද්ධ විදේශ ආයෝජන රටට ලැබී තිබේ. ලයිට් හවුස් හෝටලය ප්‍රසාද දීමනා ප්‍රකශයට පත් කරන ලද අතර කොටසකට රු.තුනක් හිමිවේ. ඉකුත් සතියේ අවසානයේ දී, ලැයිස්තුගත සමාගම් 20 කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම අගයට පැමිණ තිබිණි. තවත් සමාගම් 4 ක් සති පනස් දෙකක් තුළ අඩුම කොටස් මිල වාර්තා කරයි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,494.46 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 21.09 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,842.08 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 0.43 ක සුළු පහත වැටීමක් සේ දැක්විය හැකිය.
හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 165ක්, සන්ෂයින් හෝල්ඩිං රුපියල් මිලියන 164 ක්, ඩයලොග් රුපියල් මිලියන 157 ක්, රීල් ප්‍රොපටි රුපියල් මිලියන 124 ක්, මෙල්සට්‍රක්‍රොප් රුපියල් මිලියන 124ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 120 ක්, කැළණි කේබල් රු. මිලියන 91 ක්, ඒ.සී.එල්. රුපියල් මිලියන 89 ක්, වැලිබල් වන් රුපියල් මිලියන 89 ක්, ලංකෙම් ඩිවෙලෙපේමන්ට් රුපියල් මිලියන 75ක්, ලංකා මිල්ක් ෆුඩ් රුපියල් 75 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 67 ක් සහ වටවල රු. මිලියන 65 ක්, වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ මිල දී ගැනීම් වැඩිවුණොත් වාසිදායක තත්වයක්