ඉරානය හා ඊශ්‍රායලය අතර ඉකුත් සිකුරාදා සිට පවතින යුද වාතාවරණය මෙතෙක් පැවැති වාතාවරණය අවුල් කර තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව තුළ පැවැති අපේක්ෂා සංකීර්ණ තැනකට පත් කරමින් ඛනිජ තෙල් හා ගෑස් මිල ඉහළ යන අවදානමක් ගැන කියැවෙන අතර කෙසේ වෙතත් ඔපෙල් රටවල් සැපැයුම නංවන තීරණයකට යනු ඇතැයි ද පළවේ. රටවල් ගණනාවක කොටස් වෙළෙඳපොළ ආයෝජන අඩු වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ද ඊයේ (ජුනි 18) ගනුදෙනු අවසානයේ දී තියුණු පසුබැසීමකට පත්විය. කෙසේ වෙතත් අඩු මිල ගණන්වලට කොටස් මිල දී ගැනීමට දක්වන උන්නදුව ද තීව්ර විය හැකිය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,071.44 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 210.51ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,094.31 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 57.43 පසුබැසීමක් සේ වාර්තා වේ. විදේශීය ගනුදෙනු සක්‍රීය වූ බව නිරීක්ෂණය කළ හැකිය. මිල දී ගැනීම් රු. මිලියන 573.0 ක් වූ අතර විකිණීම් රු. මිලියන 522.4 කි. රුපියල් මිලියන 50.6 ක වාසිදායක තත්වයක් රටට ලැබී තිබේ.
මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 24,667 කි. සමාගම් 65 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 196 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,899.03 ක් විය. කොටස් මිලියන 181.2 ක් හුවමාරු වූ බව දැක්වේ. කෙමනෙකස්, එන්.ඩී.බී. කොමර්ෂල් බැංකුව සහ නේෂන් ට්‍රස්ට් බැංකුව සිය කොටස් හිමියන්ට ප්රතිලාභ වශයෙන් අතිරේක කොටස් හිමිකාරීත්වය සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ ප්‍රකාශයට පත් කර ඇත.
වැලිබල් වන් රු. මිලියන 257 ක්,එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 208 ක්, සම්පත් රු. මිලියන 191 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 133 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 116 ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 103 ක්, එල්වීඑල් එනර්ජි රු. මිලියන 100 ක්, ස්විස්ටෙක් රු. මිලියන 91 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 74 ක්.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ගනුදෙනුකරැවන්ෙගන් වෙළෙඳපොළට සුළු වාසියක්