IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විදේශ ආයෝජකයක් කොටස් මිල දී ගැනීමේ උනන්දුවක

ඊයේ (මාර්තු 26) ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 15,847.80 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 60.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,741.90 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 15.91 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. මෙදින විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 143 කි. විකිණීම් රු.මිලියන 6 කට සීමා විය. 

කෝල්ඞ් ස්ටෝර්ස් රු. මිලියන 135 ක් වශයෙන් ඊයේ දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. කොමර්ෂල් බැංකුව රු. මිලියන 100 ක්, සී.ටී. ලෑන්ඞ් රු. මිලියන 75 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 68 ක්, සම්පත් රු. මිලියන 67 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 57 ජෝන් කීල්ස් රු. මිලියන 53 ක්, එන්. ඩී. බී. රු. මිලියන 45 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 42 ක්, රීල් රු. මිලියන 33 ක්, සහ හෙල ඇපරල් රු. මිලියන 32 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි. 

වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 10,803 ක් වූ අතර සමාගම් 82 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 129 ක් විය. දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 1.63 ක් දක්වා කලින් දිනයට වඩා සිමාවී තිබුණි. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් පවතී. 

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව තබාගැනීමට දක්වන තීරණය වෙළෙඳපොළ කෙරෙහි බලපා ඇත. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාත වලින් වාසි ලබාගත හැකි බව සුළු ආයෝජන අංශවල තක්සේරුව බව පෙනේ. කොටස් වෙෙළඳපොළ ස්ථාවර තැනකට පැමිණීමෙන් පසු වඩාත් වේගයෙන් වර්ධනය වන අවකාශයක් නැති බව ඔවුන්ගේ අදහස බව දැක්විය හැකිය. 

නිරීක්ෂක



අදහස් (0)

විදේශ ආයෝජකයක් කොටස් මිල දී ගැනීමේ උනන්දුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site