IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට

විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල සාමාන්‍යයෙන් රුපියල් 19.20 ක්

ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා අය කරන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලක්


විමුක්ති එස්. රොද්‍රිගු


විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන ගාස්තුවට සාපේක්ෂව ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට එසේත් නැතිනම් සියයට 70 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල සාමාන්‍යයෙන් රුපියල් 19.20 දක්වා පහළට ගෙනවිත් තිබෙන බවත් ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා විදුලිබල මණ්ඩලය අය කරනු ලබන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලක් බවත් බලශක්ති අමාත්‍යවරයා පැවැසුවේය.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඒකක 30 හෝ ඊට වඩා අඩුවෙන් භාවිත කරන පවුල් සඳහා විදුලි බල මණ්ඩලය අය කරනු ලැබුවේ ඒකකයක් සඳහා රුපියල් 8 ක මුදලකි.

මේ ආකාරයෙන් ඒකක 90 දක්වා ඒකකයකට අයකරන මුදල සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදලට වඩා පහළ ගොස් තිබෙන බවත් ඉන් අදහස් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය අලෙවි කරන්නේ පාඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site