විමුක්ති එස් රුද්‍රිගු
නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් කැමැති සමාගමකට අනියුක්ත විය නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල පනත යටතේ ආරම්භ කරන නව සමාගම් හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පෞද්ගලික සමාගම යන සමාගම්ය.
නව සමාගම් හතර රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන යම් සේවකයකු එම සේවකයා අනියුක්ත කර ඇති සමාගමට යාමට කැමැත්තක් නොමැති නම් ඔහුට හෝ ඇයට වන්දි සහිතව විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතින බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.
සේවකයන්ට තීරණයක් ගැනීමට මාස 2 ක කාලයක් තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සේවකයන් මණ්ඩලය නම්කරන සමාගම්වලට