IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


විද්‍යුත් මගී සහ වාණිජ වාහන මූල්‍යකරණ පහසුව පුළුල් කිරීමට NDB බැංකුව ගැවින්රෝ සමාගම සමග හවුල්වේ

NDB බැංකුව, කීර්තිමත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම් රැසක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන පෙළ හරහා පාරිභෝගිකයන්ට නව්‍ය සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා වන අතර ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද මූල්‍ය පහසුකම් මඟින් සහාය ලබා දෙයි.
මෙම හවුල්කාරිත්වය හරහා NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට Fortune 500 ලැයිස්තුවට ඇතළත් චීන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ලොව පුරා ප‍්‍රසිද්ධ රථ වාහන සන්නාම වන Skywell , Skyworth  එය සමාගම් සහ Keyton ඇතුළු අති නවීන මගී වාහන පෙළකට ප‍්‍රවේශ වීමේ පහසුකම ලබා ගත හැක. දැරිය හැකි මිල ගණන් සහ පහසුව කෙරෙහි අවධානය යොමු කරමින් NDB  බැංකුව ඉක්මන් අනුමැතිය අවම ලියකියවිලි, නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප සහ කිසිදු ඇපකරුවකුගේ අවශ්‍යතා නොමැතිව පෞද්ගලිකව සකසන ලද ලීසිං විසඳුම් ලබා දෙන අතර, එමගින් ශ‍්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ වාහන පෙළෙහි විශ්වසනීයත්වය සහ ගුණාත්මකභාවය අත්විඳීමට හැකියාව ඇත.
දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහ විශාල ව්‍යවසාය සඳහා සහාය වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන Skywell විද්‍යුත් වෑන්රථ, ට‍්‍රක් සහ බස් රථ ඇතුළු පුළුල් පරාසයක වාණිජ වාහන සඳහා ද මෙම සහයෝගීතාව විහිදී යයි. වාණිජ වාහන සඳහා වන NDB බැංකුවේ විශේෂිත මූල්‍ය පැකේජ ව්‍යාපාරවල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස්කර ඇති අතර, ව්‍යවසායකයන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ව්‍යාපාරික මෙහෙයුම් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට අවශ්‍ය විශ්වාසදායක ප‍්‍රවාහන විසඳුම් වෙත ප‍්‍රවේශය ඇති බව සහතික කරයි.
සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය වන සුවිශේෂී මුලපිරීමක් ලෙස, මෙම හවුල්කාරිත්වය Skywell වෑන් සහ බස් රථ සඳහා ප‍්‍රතිමූල්‍යකරණ ක්‍රමයක් හඳුන්වා දෙයි. සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන්ට දැන් සියයට 7 ක ඉතා තරගකාරී පොලී අනුපාතයකට රුපියල් මිලියන 25 ක් දක්වා ණයවලින් ප‍්‍රතිලාභ ලබා ගත හැකි අතර එමගින් එම අංශය නංවාලීමට සහ ශ‍්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමට නවීන, සුවපහසු ප‍්‍රවාහන විසඳුම් සඳහා ආයෝජනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.



අදහස් (0)

විද්‍යුත් මගී සහ වාණිජ වාහන මූල්‍යකරණ පහසුව පුළුල් කිරීමට NDB බැංකුව ගැවින්රෝ සමාගම සමග හවුල්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site