IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වට්ස්ඇප් සල්ලි අදින කෙක්කක්

ලොව අසූ කෝටියක් පාවිච්චි කරන වට්ස්අැප් අන්තර්ජාල මෘදුකාංගය නුදුරේදීම ව්‍යාපාර ප්‍රචාරය සඳහා දිගට හරහට යොදා ගනිතියි එම මෘදුකාංගය හිමි ෆේස්බුක් සමාගම කියයි. අන්තර්ජාලය පාවිච්චි කරන්නන් අතර  මෙම මෘදුකාංගය මගින් දැන්වීම් ප්‍රචාරය කිරීම ගැන සමාගම සලකා බලයි. සමාජ ජාලා වෙබ් අඩවි අතර ඉතා ජනප්‍රිය වූ ෆේස්බුක් සමාගම පවසනුයේ පෞද්ගලික සමාගම් අතර ඉඳුරාම පණිවිඩ හුවමාරු කිරීමට මෙම මෘදුකාංගය යොදා ගැනීමෙන් ලෝකයේ ව්‍යාපාර  වඩාත් දියුණූ වන බවයි. ෆේස්බුක් ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩේවිඩ් වේනර් පවසනුයේ ඇමරිකාවේ බොස්ටන් නුවර දී ලඟදී පැවැත්වෙන ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර තාක්ෂණික හමුවක දී සාකච්ඡා කරන බවයි.

වට්ස්අැප් මෘදුකාංගයෙන් ගිය වසරේ ඩොලර් කෝටි 2200 ක් (රුපියල් කෝටි 323789) ෆේස්බුක් සමාගමට උපයා දුන්නේය. මේ අතර දැනට පාවිච්චි කරන බ්ලැක්බෙර්, නොකියා එස්40,නොකියා සිම්බියන් එස්60, ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඇන්ඩ්‍රොයිඩ් 2.2, වින්ඩෝස් 7.1, සහ අයිෆෝන් 3ජී.එස් / අයි.ඕ.එස්  ජංගම දුරකතන වලට වට්ස්අැප් මෘදුකාංගය ලබන දෙසැම්බර් 31 න් පසු යල් පැන යනු ඇතැයි කියති.

How-Facebook-plans-to-make-money-from-WhatsApp-Charge-Business-Calls-Messages-WhatsApp-business-to-consumers-Facebook-WhatsApp-578264 WhatsApp-1



අදහස් (0)

වට්ස්ඇප් සල්ලි අදින කෙක්කක්

කරුණාජීව Monday, 18 July 2016 02:37 AM

වයිබ එකට වැඩිය 100% හොඳයි වට්ස්ඇප් එක. ලෝකයේ මොන රටකට කතාකළත් හරිම පැහැදිලියි. (නි)

:       0       0

කරුණාජීව Monday, 18 July 2016 02:49 AM

වයිබර් එකට වැඩිය 100% හොඳයි වට්ස්ඇප් එක.ලෝකයේ මොන රටකට කතා කරත්,හරිම පැහැදිලියි.(හේ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17499 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site