ලොව අසූ කෝටියක් පාවිච්චි කරන වට්ස්අැප් අන්තර්ජාල මෘදුකාංගය නුදුරේදීම ව්‍යාපාර ප්‍රචාරය සඳහා දිගට හරහට යොදා ගනිතියි එම මෘදුකාංගය හිමි ෆේස්බුක් සමාගම කියයි. අන්තර්ජාලය පාවිච්චි කරන්නන් අතර මෙම මෘදුකාංගය මගින් දැන්වීම් ප්‍රචාරය කිරීම ගැන සමාගම සලකා බලයි. සමාජ ජාලා වෙබ් අඩවි අතර ඉතා ජනප්‍රිය වූ ෆේස්බුක් සමාගම පවසනුයේ පෞද්ගලික සමාගම් අතර ඉඳුරාම පණිවිඩ හුවමාරු කිරීමට මෙම මෘදුකාංගය යොදා ගැනීමෙන් ලෝකයේ ව්‍යාපාර වඩාත් දියුණූ වන බවයි. ෆේස්බුක් ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩේවිඩ් වේනර් පවසනුයේ ඇමරිකාවේ බොස්ටන් නුවර දී ලඟදී පැවැත්වෙන ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර තාක්ෂණික හමුවක දී සාකච්ඡා කරන බවයි.
වට්ස්අැප් මෘදුකාංගයෙන් ගිය වසරේ ඩොලර් කෝටි 2200 ක් (රුපියල් කෝටි 323789) ෆේස්බුක් සමාගමට උපයා දුන්නේය. මේ අතර දැනට පාවිච්චි කරන බ්ලැක්බෙර්, නොකියා එස්40,නොකියා සිම්බියන් එස්60, ඇන්ඩ්‍රොයිඩ් 2.1 සහ ඇන්ඩ්‍රොයිඩ් 2.2, වින්ඩෝස් 7.1, සහ අයිෆෝන් 3ජී.එස් / අයි.ඕ.එස් ජංගම දුරකතන වලට වට්ස්අැප් මෘදුකාංගය ලබන දෙසැම්බර් 31 න් පසු යල් පැන යනු ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිබ එකට වැඩිය 100% හොඳයි වට්ස්ඇප් එක. ලෝකයේ මොන රටකට කතාකළත් හරිම පැහැදිලියි. (නි)
වයිබර් එකට වැඩිය 100% හොඳයි වට්ස්ඇප් එක.ලෝකයේ මොන රටකට කතා කරත්,හරිම පැහැදිලියි.(හේ)