IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වැට් ආපසු ගෙවීමේ යෝජිත ක්‍රමයට අපනයනකරුවෝ කනස්සල්ලෙන්

සභාපති ජයන්ත කරුණාරත්න

මහලේකම්  සහ ප්‍රධාන විධායක ෂිහාම් මරික්කාර්

 

  • ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික නවීකරණයට ගන්නා උත්සාහයට ඇගයීමක්
  • ඩොලර් බිලියන 19ක අපනයන ආදායම් ඉලක්කයක්
  • අපනයන ක්ෂේත්‍රයට මේ වනවිටත් අභියෝග රැසක්
  • සරළ කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත් කිරීම අපනයනකරුවන් අසීරුතාවට පත් කිරීමක්
  • පැහැදිලි කාල සටහනක අවශ්‍යතාව
  • ප්‍රමාදය සහ ආරවුල් විසඳීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක්
  • වැට් පද්ධතියට කරන වෙනස්කම් අපනයන ක්ෂේත්‍රයේ වැඩිදියුණුව ඉලක්ක විය යුතුයි

සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත්කර ඒ වෙනුවට විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා සිය කනස්සල්ල පළ කළේය.

ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික නවීකරණය සඳහා රජය ගන්නා ක්‍රියාශීලී උත්සාහය අගය කරන නමුත් ඉන් අපනයන අංශයට ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හොඳින් සලකා බැලීම සහ එම ප්‍රතිවිපාක අවම කිරීමට සැලසුම් කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. රජයේ අභිලාෂකාමී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායම් ඉලක්කයක් ලබාගෙන ඇති බවත් අපනයනකරුවන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.

එහෙත් මේ වනවිටත් අපනයන කේෂේත්‍රය අභියෝග රැසකට මුහුණදී තිබෙන බව එම මණ්ඩලය පැවැසුවේය. උච්චාවචනය වන ගෝලීය ඉල්ලුම, ජාත්‍යන්තර වෙ​ෙළඳපොළ තරඟකාරීත්වය සහ නොයෙකුත් දේශීය මෙහෙයුම් බාධක ඒ අතර තිබෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. තහවුරු කළ කාර්යක්ෂම  ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් නොමැතිව සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය ඉවත් කිරීම අපනයනකරුවන් තවත් අසීරුතාවට පත්කරනු ඇති බවත් එය අපනයනකරුවන්ට අනවශ්‍ය බරක් වනු ඇති බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.

වර්තමානයේ පවතින සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය මගින් ආදාන මත වැට් බදු හිලව් කිරීම හරහා මුදල් ප්‍රවාහ බාධා අවම කිරීම මගින් අපනයනකරුවන්ට තීරණාත්මක වාසියක් ලබාදෙන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. සරල කරන ලද එකතුකළ අගය මත බදු පද්ධතිය මෙහෙයුම් බාධාවකින් තොරව ගලායෑම සහතික කරන බවත් අපනයනකරුවන්ට ගෝලීය වෙෙළඳපොළේ තරඟකාරිත්වය පවත්වා ගැනීමට ඉන් හැකියාව ලැබෙන බවත් එම මණ්ඩලය පැවැසුවේය.

ඩිජිටල්කරණය කාලෝචිතව සහ කාර්යක්ෂමව වැට් බදු ආපසු ගෙවීම් සහතික කරනු ඇතැයි යන උපකල්පනය මත යෝජිත නව පද්ධතිය රඳා පවතින බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. ඩිජිටල් ආර්ථිකයක් සඳහා රජයේ දැක්මට ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහාය ලබා දුන්නත් නව පද්ධති හඳුන්වා දීමට පෙර ඒවා හොඳින් අත්හදා බැලිය යුතු බව එම මණ්ඩලය පැවැසුවේය.

නව පද්ධතියට යොමුවීමේදී පරෙස්සමෙන් අධීක්‍ෂණය කළ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසත් ඒ සඳහා පහත නිර්දේශ ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය.

නියමු ව්‍යාපෘතියක් දියත් කිරීම: සැබෑ ලෝක තත්වය යටතේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගයෙන් පුළුල් නියමු ව්‍යාපෘතියක් දියත් කළ යුතුය. එය නව පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර එහිදී ගැටලු සහ ඒවාට විසඳුම් සොයා ගැනීමට උපකාරී වේ.

ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැහැදිලි කාල සටහනක් : මෙහෙයුම්වලට බාධාවක් නොවන පරිද්දෙන් අපනයනකරුවන් නව පද්ධතියට අනුගත වීම සඳහා සංක්‍රාන්ති කාලයක් ඇතුළුව පැහැදිලි කාල සටහනක් රජය ස්ථාපිත කළ යුතුය.

පාර්ශවකරුවන්ට සහාය සහ පුහුණුව ලබාදීම: බාධාවකින් තොරව නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට තාක්ෂණික සහාය සහ ප්‍රමාණවත් පුහුණුව ලබාදීම.

ඉක්මනින් මුදල් ලැබෙන බව සහතික කිරීම : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රමාදයකින් වැට් බදු ආපසු ගෙවීම් සිදුකරන බව සහතික කළ යුතු අතර ප්‍රමාදය සහ ආරවුල් විසඳීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලිව පෙන්වා දිය යුතුය.

පද්ධතියේ ඇතිවන බිඳවැටීම් සඳහා ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළත් කිරීම : පද්ධතියේ මතුවන අකාර්යක්ෂමතාවලදී අවදානම් අවම කිරීමට සහ මෙහෙයුම් පසුබැසීම් වැළැක්වීමට හදිසි සැලසුමක් තිබිය යුතුය.

මෙම ගැටලු සහයෝගීව විසඳීම සඳහා අපනයනකරුවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ ඵලදායී සංවාදයක නිරත වන ලෙස ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය. වැට් පද්ධතියට සිදුකරන වෙනස්කම් අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ ඉලක්කය මත සිදුකළ යුතු බවද එම මණ්ඩලය පැවැසුවේය.

 



අදහස් (0)

වැට් ආපසු ගෙවීමේ යෝජිත ක්‍රමයට අපනයනකරුවෝ කනස්සල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site