ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමග එක්ව ‘HNB කාඩ්පත් සමග Visa Easy Tap’ වැඩසටහන ආරම්භ කර ඇත. වෙළෙඳසල් තුළ tap to pay ක්‍රමයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ඇති ආරක්ෂාව, පහසුව සහ වේගවත් බව පිළිබඳව දැනුවත් කිරීමෙන් රට පුරා සම්බන්ධතා රහිත ගෙවීම් භාවිත කිරීමට දිරිමත් කිරීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ tap to pay ගෙවීම් සඳහා සහාය වන යන්ත්‍ර රැසක් තිබුණද, කාඩ්පත් හිමියන් සහ වෙළෙඳසල් හිමියන් ඇතුළු බොහෝ අය තවමත් කාඩ්පත ඇතුළු කිරීමේ හෝ කවුන්ටරයේ අයකැමිට ලබාදීමේ ක්‍රමය භාවිත කරනු ලබයි. ඒ අනුව මෙම වැඩසටහන මගින් HNB වීසා කාඩ්පත් හිමියන්ට PoS යන්ත්‍රවලට තම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් tap කිරීමෙන් වේගවත්, වඩාත් ආරක්ෂිත ගෙවීම් අත්විඳීමට දිරිගන්වයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපතිනි - කාඩ්පත් අංශය, ගෞතමී නිරංජන් මහත්මිය මෙසේ පැවසුවාය. “අපගේ ඉලක්කය වන්නේ අපගේ ගනුදෙනුකරුවන් සඳහා එදිනෙදා බැංකු කටයුතු වැඩිදියුණු කිරීමයි. වීසා සමග වන මෙම හවුල්කාරීත්වය හරහා වැඩි පිරිසකට ඔවුන්ගේ කාඩ්පත් PoS යන්ත්‍රයට tap කිරීමෙන් පහසු, වේගවත් සහ ආරක්ෂිතව ගෙවීම් කටයුතු කිරීම සඳහා උපකාර කිරීමට අපට අවශ්‍යයි. එය කුඩා වෙනසක් වුවත් එය එදිනෙදා ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂිත කළ හැකියි.”
දීප ව්‍යාප්ත සුපිරි වෙළෙඳසල්, අවන්හල්, ඉන්ධන පිරවුම්හල්, ෆාමසි සහ අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ කුටි වැනි ස්ථානවල tap කිරීමෙන් ගෙවීම් කිරීම කොතරම් පොදු දෙයක් ද යන්න පෙන්වීමට මෙම වැඩසටහන online වේදිකා හා වෙළෙඳසල් භාවිත කරනු ඇත. මීට අමතරව tap ගෙවීම් පිළිගන්නා වෙළෙඳසල් හඳුනා ගන්නේ කෙසේද සහ ඔවුන්ගේ කාඩ්පත් නිවැරදිව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද HNB පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇත.
“HNB සමග අපගේ හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ වෙළෙඳසල්වල ගෙවීම් කිරීමේදී වීසා කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් tap කර ගනුදෙනු කටයුතු කිරීමට දිරිමත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. වසර ගණනාවක අත්දැකීමෙන් අපි දන්නවා tap කිරීම පහසු, ආරක්ෂිත සහ වේගවත් ක්‍රමයක් වන නිසා ඔවුන් එයට ඉක්මනින් පුරුදු වන බව. ඒ වගේම ගමන් බිමන් යාම තවත් පහසු කරමින් අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවන කුටි වෙත tap ගෙවීම් හඳුන්වා දීමට HNB දරන උත්සාහය අප ඉතා අගය කරනවා. පාරිභෝගිකයන් ගණනාවක් දිනපතා මෙම ක්‍රමය භාවිත කරන බව දැකීම ගැන අපිට සතුටුයි.” යනුවෙන් වීසා හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවාය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා මාරුවීමේ HNB හි පුළුල් ඉලක්කය තවත් ශක්තිමත් කරයි. භාවිතයට පහසු නවෝත්පාදන සහ ආරක්ෂිත තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමෙන්, බැංකුව එදිනෙදා බැංකු කටයුතු අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ වැඩි පිරිසකට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සහිත අනාගතයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වේගවත් ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනයට HNB, Visa සමග අත්වැල් බැඳගනී