IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වගාවේ ඵලදායීතාව වැඩි කිරීමට මාර්ගෝපදේශ සහිතව DIMO Agritech වෙතින් නව විසඳුම්

ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකළද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රමවලින් තවමත් අපේක්ෂිත ඉලක්කවලට ළඟාවන්නට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.
DIMOහි කෘෂි අංශය වන DIMO Agribusinesses මේ සියලු‍ අවශ්‍යතා හඳුනාගෙන තම DIMO Agritech ඒකකය, හරහා නිශ්චිත මාර්ගෝපදේශයක් යටතේ නවීන ආරක්ෂිත ගෘහ සහ පොලිටනල් මොඩල (ආරක්ෂිත වගා ගෘහ) වැනි පුළුල් තාක්ෂණික විසදුම් රැසක් ගෙන එනු ලබන්නේ සුහුරු වගාක්‍රමවලින් කෘෂිකාර්මාන්තයේ ඵලදායීතාව වැඩි කිරීම සඳහාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් DIMO Agribusinesses හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටව මහතා මෙසේ සඳහන් කළේය. ‘‘කාලගුණික විපර්යාස නිසා බෝග හානිය වැඩිවන අතර, එම බෝග සඳහා අනන්‍ය වූ විසඳුම් අවශ්‍යයි. ඒ ඒ බෝගවලට විශේෂ වන ආකාරයට කාලගුණික විපර්යාසවලින් ආරක්ෂාව සැපයිය හැකි වගා ක්‍රම ලෙස පහතරට, තෙත් සහ වියළි කලාපවලට මනාව ගැළපෙන නවීන ආරක්ෂිත ගෘහ මෙන්ම උඩරට සහ අතරමැදි කලාපය සඳහා ද, අවශ්‍යතාව අනුව වියළි කලාපය සඳහා ද, විශේෂයෙන් සකස් කළ හැකි ආරක්ෂිත වගා ගෘහ වර්ග අපි හඳුන්වා දී තිබෙනවා.’’
පහතරට තෙත් සහ වියළි කලාපයට ගැළපෙන ලෙස තිර හා පංකා සහිත නවීන ආරක්ෂිත ගෘහ DIMO Agritech විසින් හඳුන්වා දෙනු ලබයි. එම ගෘහ තුළ වගාව සඳහා ප්‍රශස්ත වන ක්ෂුද්‍ර පාරිසරික තත්වය වැඩිදියුණු කිරීම සඳහා වායු සංසරණ පංකා සහ ස්වාභාවික වාතනය සමඟ අවශ්‍ය අවස්ථාවල සමපාත වීම සඳහා ගෘහයේ පැති ආවරණ පොලිතීන් තිර උස් පහත් කළ හැකි ආකාරයට සවිකර ඇත. මෙම ආරක්ෂිත ගෘහ නවීන බිංදු ජල සම්පාදන හා පොහොර යෙදීමේ පද්ධතියකින්ද සමන්විත වේ. එමඟින් පුළුල් පරාසයක බෝග පහසුවෙන් වගාකිරීමේ හැකියාව මෙම ගෘහය සතු වේ. විශේෂයෙන් උඩරට තෙත් කලාපයේ වගාකරන බෙල් පෙපර්, සලාද පිපිඤ්ඤා, තක්කාලි ඇතුළු ඉහළ වටිනාකමක් සහිත බෝග මෙම වර්ගයේ ඒකකයක් තුළ පහසුවෙන් වගා කිරීමට හැකි වේ.
උඩරට සහ අතරමැදි කලාපය සඳහා වූ ආරක්ෂිත වගා ගෘහ ස්වාභාවික පරිසරයේ උෂ්ණත්වය සහ වාතනය සමඟ කෘමි ප්‍රතිරෝධී දැල් හරහා සමපාතවෙමින් ඉදිකරනු ලැබේ. වහලයේ හැඩය, චිමිණි හා කියත් දැති ආකාරයට මාදිලි දෙකකින් මෙම ගෘහය DIMO Agribusinesses හරහා ලබාගත හැක. උෂ්ණත්වය අඩු කිරීම සඳහා මිහිදුම්කාරක පද්ධතියකින්ද මෙම මාදිලිය සමන්විත වේ.
‘‘වගා කරන ඕනෑම බෝගයක් වෙනුවෙන් ඊට අදාළ නිශ්චිත බෝග මාර්ගෝපදේශයක් සමඟ උසස් ජල ද්‍රාව්‍ය පොහොර සියල්ලත් වගාවේ අවශ්‍යතාව පරිදි DIMO Agritech විසින් සපයනු ලැබේ. වගාවට අවශ්‍ය වන බීජ හා රෝපණ ද්‍රව්‍යත්, පළිබෝධනාශක සහ රෝග පළිබෝධ හානි කළමනාකරණය සඳහා මගපෙන්වීමත් අප සමාගම විසින් සපයනු ලබනවා.’’ යැයි දෙමටව මහතා සඳහන් කළේය. 
වගාවේ සනීපාරක්ෂාව, වල් පැළවලින් තොර පරිසරය සහ මනා ජලවහනය සඳහා විශේෂිත බිම් ආවරණයක්ද සමාගම විසින් නිර්මාණය කරන ආරක්ෂිත ගෘහ සඳහා යොදනු ලබයි. දෙස් විදෙස් පළපුරුදු තාක්ෂණික කණ්ඩායමක් විසින් වගාවේ සියලු‍ අවස්ථාවලට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදේ. 
මෙහිදී අවම වශයෙන් වර්ග අඩි 2000 ගෘහයක් සඳහා ආයෝජනය කිරීම වඩා ඵලදායී වන අතර, වර්ග අඩි 4000ට වැඩි ගෘහයක් නම්, වැඩි වාණිජ ප්‍රතිලාභ වසර 2-3කදී ලබාගත හැකි බව ඔහු තවදුරටත් සදහන් කළේය. 



අදහස් (0)

වගාවේ ඵලදායීතාව වැඩි කිරීමට මාර්ගෝපදේශ සහිතව DIMO Agritech වෙතින් නව විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site