IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විකිණීම් සඳහා පොළඹවන වෑයම පරාජයට පත්වේ

කොටස් විකිණීම සඳහා පෙළඹවීමක් ඊයේ (28) ගනුදෙනු මුල් භාගයේ දී නිරීක්ෂණය කළ හැකි වූ නමුත් ගනුදෙනු අවසන් වන පසු සියලු කොටස් මිල දර්ශකය සිය වාර්තාව තවත් ඉදිරියෙන් තබමින් දිනයේ කටයුතු හමාර කළේය.

කොටස් මිල ගණන් අඩු කරන මිල දී ගැනීම් සඳහා ඇතැම් ආයෝජකයන් ඉදිරිපත් වූ නමුත් විකිණීමට සූදානම් නොවීම කැපී පෙනිණ. රජයේ තීරණය අනුව වාහන ආනයනය කරන්නට ඉඩ දෙන ගැසට් නිවේදනය සමග ඇතැම් පිරිස් සිය ධනය වාණිජ බැංකු තැන්පත්වලින් ඉවත් කරගෙන වාහන ගෙන්වන්නට වැය කරනු ඇති අතර එහි බලපෑමක් කොටස් වෙළෙඳාමට ද එල්ල වනු ඇතැයි උපකල්පනය වී තිබුණි.

කෙසේ වෙතත් දිනයේ ගනුදෙනු අතරවාරයේ දී කැපී පෙනෙන ඉවත්කර ගැනීම් වාර්තා වූයේ නැත.

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් සිංහ හොස්පිටල් සහ ද කිංග්ස්බර් යන ලැයිස්තුගත සමාගම් 2024 වසරේ අවසාන කාර්තුවේ සිය මුල්‍ය වාර්තා කොටස් වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබුණි.

ගනුදෙනු අවසන් වනවිට 17,119.86 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 75.19 ක වර්ධනයකි. එස්.ඇන්.ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 5,171.71 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 26.34 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 

දිනයේ පිරිවැටුම රු. බිලියන 6.35 වූ අතර දිනය අවසානයේදී ගනුදෙනු 35,574 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 146ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 85 ක කොටස් මිල පහත වැටිණි. පිරිවැටුම හා ගනුදෙනු ප්‍රමාණය කලින් දිනයට වඩා ඉහළ තැනක පැවැති අතර ගනුදෙනු ප්‍රමාණය ද දියුණුවීමක් දැකගත හැකිවිය.

සඳුදා (27) දිනයේ දී ද, විදේශ විකිණීම් බහුල වූ අතර රුපියල් මිලියන 492 ක ශුද්ධ විකිණීම් විදේශ අංශයෙන් එදින වාර්තා කර තිබුණි. ඊයේ ද එම ස්වභාවයෙහි කැපී පෙනෙන වෙනසක් සිදුවූයේ නැත.නේෂන් ලංකා ෆිනෑන්ස්, ඒෂියා ඇසෙස්ට් ෆිනෑන්ස්, කහවත්ත වැවිලි සමාගම, සිංගර් ශ්‍රී ලංකා සහ කේබල් සොලුයුෂන් යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය. සෙංකඩගල ෆිනෑන්ස්, බුකිට් ධර්හා ටී.ඒ.එල්. ලංකා හොටෙල්, ත්‍රී ඒර්කර් ෆාම්, ස්වදේශී ඉන්ඩ්‍රස්ට්‍රීස් සහ කප්රුක හෝලිඩිංග්ස් ප්‍රතිශතයක් වශයෙන් කොටස් මිල පහත වැටුණු සමාගම් අතර ඉදිරියෙන් තිබුණි.

වසරේ ඉදිරි භාගයේ දී බැංකු කටයුතු සක්‍රීයවීමක් වනු ඇති අතර වැවිලි සමාගම්වල ආදායම හොඳ අතට හැරෙන සේ අපනයන වර්ධනයක් වනු ඇති බව අපේක්ෂා කරන බව පෙනේ.
 
නිරීක්ෂක 

 



අදහස් (0)

විකිණීම් සඳහා පොළඹවන වෑයම පරාජයට පත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site