කොටස් විකිණීම සඳහා පෙළඹවීමක් ඊයේ (28) ගනුදෙනු මුල් භාගයේ දී නිරීක්ෂණය කළ හැකි වූ නමුත් ගනුදෙනු අවසන් වන පසු සියලු කොටස්මිල දර්ශකය සිය වාර්තාව තවත් ඉදිරියෙන් තබමින් දිනයේ කටයුතු හමාර කළේය. කොටස් මිල ගණන් අඩු කරන මිල දී ගැනීම් සඳහා ඇතැම් ආයෝජකයන් ඉදිරිපත් වූ නමුත් විකිණීමට සූදානම් නොවීම කැපී ෙපනිණ. රජයේ තීරණය අනුව වාහන ආනයනය කරන්නට ඉඩ දෙන ගැසට් නිවේදනය සමග ඇතැම් පිරිස් සිය ධනය වාණිජ බැංකු තැන්පත්වලින් ඉවත් කරගෙන වාහන ගෙන්වන්නට වැය කරනු ඇති අතර එහි බලපෑමක් කොටස් වෙළෙඳාමට ද එල්ල වනු ඇතැයි උපකල්පනය වී තිබුණි. කෙසේ වෙතත් දිනයේ ගනුදෙනු අතරවාරයේ දී කැපී පෙනෙන ඉවත්කරගැනීම් වාර්තා වූයේ නැත.
ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් සිංහ හොස්පිටල් සහ ද කිංග්ස්බර් යන ලැයිස්තුගත සමාගම් 2024 වසරේ අවසාන කාර්තුවේ සිය මුල්‍යවාර්තා කොටස් වෙළෙඳ පෙළෙට ඉදිරිපත් කර තිබුණි.
ගනුදෙනු අවසන් වන විට 17,119.86 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 75.19 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,171.71 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 26.34 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය.
දිනයේ පිරිවැටුම රු. බිලියන 6.35 වූ අතර දිනය අවසානයේ දි ගනුදෙනු 35,574 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 146 ක් ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 85 ක කොටස් මිල පහත වැටිණි. පිරිවැටුම හා ගනුදෙනු ප්‍රමාණය කලින් දිනයට වඩා ඉහළ තැනක පැවැති අතර ගනුදෙනු ප්‍රමාණය ද දියුණුවීමක් දැකගත හැකිවිය.
නේෂන් ලංකා ෆිනෑන්ස්, ඒෂියා ඇසෙස්ට් ෆිනෑන්ස්, කහවත්ත්ත වැවිලි සමාගම, සිංගර් ශ්‍රී ලංකා සහ කේබල් සොලුයුෂන් යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගියේය. සෙංකඩගල ෆිනෑන්ස්, බුකිට් ධර්හා ටී.ඒ.එල්. ලංකා හොටෙල්, තී ඒර්කර් ෆාම්, ස්වදේශී ඉන්ඩ්‍රස්ට්‍රීස් සහ කප්රුක හෝලිඩිංග්ස් ප්‍රතිශතයක් වශයෙන් කොටස් මිල පහත වැටුණු සමාගම් අතර ඉදිරියෙන් තිබුණි.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 616ක්, හැටන් නැෂනල් බැංකුව මිලියන 480ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 396 ක්, ජෝන් කීල්ස් හෝලිඩිං, රු. මිලියන 389 ක් ක් ජනශක්ති ඉන්ෂුවරන්ස් රු. මිලියන 180 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් හා ෆයිනෑන්ෂල් රු මිලියන 171 ක් වශයෙන් කොටස් හුවමාරු පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විකිණීම් සඳහා පොළඹවන වෑයම පරාජයට පත්වේ.