වී කිලෝව දැන් අලෙවි වන්නේ රු. 95ට රු. 100ට
රු. 120ට වැඩ මිලක් ඕනෑ
යොහාන් භාසුර
වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මනින් වී සඳහා සාධාරණ මිලක් ඉදිරිපත් කළ යුතු බවත් ගොවි සංවිධාන පවසයි.
වීවලට සාධාරණ මිලක් නොදුනහොත් හතු පිපෙනවා මෙන් පාරවල්වල ජනතාව පිරෙනු ඇති බවත් එදාට ආණ්ඩුවට උත්තර දීමට සිදුවනු ඇති බවත් ගොවි සංවිධානය සඳහන් කළේය.
නැගෙනහිර සහ උතුරුමැද පළාතේ බොහෝ ස්ථානවල මහ කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ කර පෞද්ගලික ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 95 ට 100 ට මිලදී ගනිමින් සිටින බවත් එම මිලට වී අලෙවි කිරීමෙන් ගොවීන්ට වියදම හෝ ආවරණය කරගැනීමේ හැකියාව නොමැති බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලයට වී මිලදී ගැනීමෙන් පසුව ආණ්ඩුව වී සඳහා සහතික මිලක් පැනවීමෙන් ඵලක් නොමැති බව කියන ගොවි සංවිධාන ඒ සඳහා ආණ්ඩුව මීට වඩා කාර්යක්‍ෂම විය යුතු බවද සඳහන් කරයි.
ගොවි අරගල ව්‍යාපාරයේ දිස්ත්‍රික් සංවිධායක පී.කේ.ඩී. විජේරත්න මහතා පැවසුවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් ගොවීන් ළඟට ගොස් වී තුට්ටු දෙකට ගනිමින් සිටින බවත් අඩු මුදලට වී ගත්තද ඔවුන් හාල් කිලෝවක් රුපියල් 230 ට අලෙවි නොකරන බවත්ය.
වී කිලෝවක මිල කඩිනමින් තීරණය කළ යුතු බවත් අවම වශයෙන් වී කිලෝවක මිල රුපියල් 120 ක ඉක්මවිය යුතු බව කී විජේරත්න මහතා එවැනි මිලක් ලැබුණොත් පමණක් ගොවියාට සාධාරණයක් වන බවද කීය.
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා පැවසුවේ වී කිලෝවකට රුපියල් 140 ක් ඉල්ලා සිටීම අසාධාරණ යැයි ගොවීන්ට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටි වර්තමාන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති බවත් ඔහු ගොවියාගේ දායකත්වය ප්‍රශ්න කිරීමට ගැටලුසහගත බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වී සහතික මිල ඉක්මනින් ඕනෑ - ගොවි සංවිධානය