IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලාෆ්ස් ගෑස් SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් අත්හිටුවයි

  • ඇමෙරිකාවෙන් සම්බාධක පැනවූ රටවල නිෂ්පාදන මිලදී ගැනීම සම්බන්ධ ගැටලු‍වක්
  • මෙය දේශීය ගෑස් අලෙවියට සහ බෙදාහැරීමට බාධාවක් නොවන බව පවසයි 

භානුක අමරසිංහ 

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම එක්සත් අරාබි එමීරයේ ස්ථාපිත කර ඇති, සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පවසයි. ලාෆ්ස් ගෑස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ. 

මෙම SLOGAL Energy DMCC සමාගම එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි DMCC (Dubai Multi Commodities Centre) හි ස්ථාපිත කර ඇති සමාගමකි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මගින් විධායක නියෝග 13902 යටතේ අදාළ සමාගම නම් කර ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසයි. 

එහිදී එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා ඇති රටවල් සමගින් හෝ සම්බාධක පනවා ඇති කලාපවල නිෂ්පාදන මිලදී ගැනීමට හෝ පහසුකම් සැපයීමට දායකත්වය ලබා දෙන බවට චෝදනා කරමින් එම නම් කිරීම සිදු කර තිබේ. 

ඒ අනුව අදාළ සමාගමේ මෙහෙයුම් තාවකාලිකව නවත්වා එක්සත් ජනපද සම්බාධක කවුන්සිලය මගින් ක්‍රියාත්මක ඉදිරිපත් කරන විවරණයට සහාය දැක්වීමක් සිදු කරන බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී වැඩිදුරටත් පවසයි. 

කෙසේ වෙතත් මෙම පියවර හේතුවෙන් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ දැනට ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා බලපෑමක් එල්ල නොවන බව එම සමාගම සඳහන් කරයි. මෙම SLOGAL Energy DMCC සමාගම එල්පී ගෑස් ප්‍රතිඅපනයන මෙහෙයුම් සඳහා යොදාගත් ගනුදෙනු හස්තයක් ලෙස ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පවසති.

ඒ අනුව අදාළ සමාගමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම දේශීය ගෑස් අලෙවිය සහ බෙදාහැරීම වෙත බලපෑමක් එල්ල නොවන බවත්, එහි මෙහෙයුම් ඉදිරියටත් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

 



අදහස් (0)

ලාෆ්ස් ගෑස් SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site