(ටී.කේ.ජී.කපිල )
එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් අද(14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට එවා තිබිණි.
කොළඹ සිට ගුවන්ගමන් කටයුතු සිදුකිරීම සඳහා කටුනායක ගුවන්පථයට එම යානය ගොඩබස්සවා පරීක්ෂා කිරීම සඳහා යානය එහි පැමිණ තිබූ අතර මෙම යානයේ බඳ තට්ටු දෙකකින් සමන්විතය.
ප්‍රංශයේ නිෂ්පාදිත A -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකිය . දැනට මෙම සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර , තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද මෙවැනි දෙක තුනක් අරගෙන යුරෝපීය දියුණු රටවල ගමනාන්තයට සේවයේ යෙදුවොත් .
මෙම යානයේ ප්‍රධාන නියමුවා ශ්‍රී ලාංකිකයෙක්. ඒක රටට ගෞරවයක්
රියාද්වලින් හැමදාම ලංකාවට ශ්‍රී ලන්කන් ෆ්ලයිට්ස් තියෙනවා වගේම හැමදාමත් ෆුල්. ඒ වුනාට පාඩු පිටයි දුවන්නේ කියල හැමදාම වගේ මාධ්‍යත් වාර්තා කරනවා. වැරැද්ද තියෙන්නේ කළමනාකාරිත්වයේ මිසක් වෙන කොහෙවත් නෙමෙයි. යහපාලනයටත් දැන් අවුරුදු දෙකහමාරක්. ඔවුනුත් ප්‍රදර්ශනය කරන්නෙත් ඔවුන්ගේත් නොහැකියාවද .? නැතිනම්, හිටු කියල මුනුත් ගහනවද..? දැන් දැන් යහපාලනේ කියන වචනෙටත් ආණ්ඩුව කැළලක් වෙලයි ඉන්නේ.
මෑත කාලයේදී කරනලද ගුවන් පථය අලුත්වැඩියා කිරීමෙන් පසු, මෙවැනි ගුවන් යානා ගොඩබැසිය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශන නිකුත් කරා නේද?
රුවනිගේ මොලේ, සිත ඇමෙරිකාවේ ඉන්නේ අපි ලංකාවේ එදාවේල තමා ප්‍රශ්නේ නැතිනම් අරන් දාන්න තිබුන
අනුන්ගේ ගුවන් යානා සේදීම් ගිනි නිවන අංශයේ කාරියක් නොවේ.. හුරේ සබන් අපෙන්
ගොඩයට මැජික් වගේ. මේවා අනිත් ගුවන් තොටුපළවල් වල සාමාන්‍ය අහස්යානා.
අපිට අනුන්ගේ යනා වලට වතුර විද විද තමයි ඉන්න වෙන්නේ .
ලංකාවට මම ආවේ මෙම යානයෙන් ඇමතිවරු කීපයක් මාව පිළිගන්ඩ අවා
මේවා සාමාන්‍ය දේවල්නේ...
ඔයිට වඩා ලොකු අහස් යානා අපේ රාවනා රජතුමා නිෂ්පාදනේ කෙරුව ලු !මේ මිනිස්සු ඔය තාක්ශනේ ඉගෙනගෙන තියෙන්නේ හොරෙන් අරන් ගිය අපේ පුස්කොල පොත්වලින්!