නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් හතර වැනි වරටත් ආරම්භ කැරුණු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන්ට විධිමත් පුහුණව දීම සදහා වන පාඨමාලාව වසරක්ම පැවැත්වීමට යයි.
කොළඹට පමණක් සීමා නොවී විශේෂයෙන් උතුරු නැගෙනහිර නියෝජනය වන අයුරින් දිවයින පුරා අඩු පහසුකම් ඇති ප්‍රදේශයන් හි ගුරුවරියන්ට විධිමත් පුහුණුවක් නොමිලේ ලබා දේ.
මෙම පුහුණුව මගින් දරුවන්ගේ අධ්‍යාපනය හරවත් අයුරින් නිසි ක්‍රම වේදයකට ලබා දීමට ඇති හැකියාව වර්ධනය කිරීම අරමුණයි.
2005 වසරේ දී ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වන විට දෙදසකට අධික පිරිසක් පුහුණු කොට ඇති අතර මෙම වසරේදී පමණක් 2000 ක් පුහුණු කිරීම ඉලක්කය වී ඇත.
පාඨමාලා සමරම්භය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ව ළමා විය සහ ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ ඒ ඩී පී සරත්චන්ද්‍ර,ලයිසියම් පාසලේ මාධ්‍ය ලේකම් ජනිත දිසානායක, ලයිසියම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිකිත ග්‍රේරු මහතා ඇතුළු අධ්‍යාපනඥයින් රැසකගේ මූලිකත්වයෙන් සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන මුදලාලිලා අධ්‍යාපනය විකුණගෙන මුදල් ගරන යුගයක, ග්‍රේරෝ මැතිතුමා වැනි අධයාපන දානපතියන් රටට වාසනාවන්! ඔබට තෙරුවන් සරණයි (නි)
කවුරුත් නොදකින,කවුරුත් අත නොගසන බොහොම වටිනා හොද වැඩක්. තැන තැන හතු පිපෙනවා වගේ මොන්ටිසෝරි ඇරෙනවා.මේ අයට හොද පිළිගත් පුහුණුවක් ඕනෑ. ලයිසියම් කළොත් ඉතින් කවදත් අලුත් හොද වැඩක් බව දන්නවා.කොහොම වුණත් පුලුවන් නම් අනික් අයට සම්බන්ධ වෙන්න පුලුවන් අංකයක් දාන්න (නි)
මමත් කැමති මෙම පුහුණුව ලබන්න මට ඹබලගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද? (ර)
මමත් කැමතියි පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලාවක් කරන්න. මට විස්තර දැනගන්න පුලුවන්ද ?? (බ)
මමත් කැමැතියි පෙර පාසල් ගුරු පුහුණුව ලබන්න. ඒ ගැන විස්තර දැනගන්න දුරකථන අංකයක් ලබාදෙන්න (නි)
පුදුම අදහස් ටික. මේවා දැක්කම ලංකාවටම ඔබින ඇමතිවරයෙක් කියලා හිතෙනවා. (නි)
සනදය හපුගොඩ ඔබට ජයවේව (අ)
මේක හොඳ පාඨමාලාවක්. ගෙවලා ඉගෙන ගන්න ඒවාට වැඩිය ගොඩක් වටිනවා. ප්‍රමිතියකට අනුව දරුවන්ට උගන්වන විදිය මෙම පාඨමාලාවෙන් කියල දෙනවා. (ස)
මේක බොහොම වටිනා, කාලෝචිත වැඩක්.නොමිලයේ කරන එක ඒ ඔක්කොටම වඩා වටිනවා.සල්ලි තිබුණත් හරියට පාඨමාලාවක් කර ගන්න කොච්චර අමාරුද?පෞද්ගලික පාසලක් වුණත් ජාතික හැගීමෙන් කටයුතු කිරීම අගයමි (නි)
පාසැලක නම් ගුරුවරයෙක් අසාමාන්‍ය නම්, වැරදි දේවල් උගන්වනවා නම් තවත් ගුරුවරු, ප්‍රින්සිපල් ඉන්නවා හොයල බලන්න. අනික දරුවො උනත් අමිමලට ගිහිල්ල කියනවනෙ. නමුත් තමන් පෙර පාසලක් දාගත්තම මොනව උගන්වනවද හොයන්න කවුරුත් නැහැ. නොදරුවන් කියන්න දන්නෙත් නැහැ. ඒකයි මේකෙ භයානක කම. සමහර පෙර පාසල් පාලිකාවො හරිම නොසැලකිලිමත්. සමහරු උදේට ලමයි බාරගෙන අඩුමුදලට කිසිම පුහුනුවක් නැති 18- 20 ළමයෙක්ව දරුවො ටික බලාගන්න දාලා තමන්ගේ වැඩ වලට යනවා. ලංකාවේ කවුද මේවා බලන්නේ? (නදී)
කිසියම් පෙර පාසලක් සම්බන්ධව පැමැණිලි කරන්න ඔනේ නම් එසේ කළයුත්තේ කාටද කියලා කරුණාකර මාධ්‍ය මගින් අපව දැනුවත් කරන්න. එවිට මුලිනිම එවැනි ස්ථාන ගැන සොයා බැලීමට හැකිය අදාළ නිලධාරීන්ට.සැලෝන් අධික්ෂනය කරනව වගේ පෙර පාසලුත් අධික්ෂනය කරනව නම් හෙදයි. අඩුගානේ ඒකට බයේවත් හැදෙයිනේ ප්‍රමිතියක් නැති තැන්.(නදී)
පෙර පාසලක් කියන්නේ නොදරුවන්ගේ කායික මානසික ක්‍රියාකාරකම් හදන තැනක් මිසක් දරුවො විභාගයකට පුරුදු කරන තැනක් නෙමෙයි. මේ නිසා සමාජයේ උගන්වන අය හොද මානසික තත්වයකින් හා ළමා අධ්‍යපනය ගැන දන්නා අය විය යුතුයි. මේ නිසා මොවුන්ට ලයිසන් දීමට පෙර හා දීමෙන් පසු කාලානුරූපව කායික මානසික සෞඛ්‍ය තත්වය පිළබඳ සෙයො බැලිය යුකුයි. (මෙඩිකල් ටෙස්ට්) එකලඟ හතු පිපෙනවා වගේ පෙර පාසල් තියන කොට අනෙකා පරයා යන්න කියලා නොදරුවන්ට මහප්‍රාණ උගන්නවන පාලිකාවන්ද අප රටේ ඇත. පෙර පාසල් රජය විසින් නිරතුරු අධීෂණය කල යුතු මය. පොදු විෂය නිර්දේශයක් හඳුන්වා දියයුතුය. එකිකෙනාට ඕන දේවල් කුඩා මනසට පිරවීමට ඉඩ නොතැබිය යුතුය. (නදී)
මේ පින්තූර බැලුවම තේරෙනවා පෙර පාසල් කියපු ගමන් ඉන්නේ ගැහැනු අය විතරයි. ඒක වැරදියි. කුඩා දරුවන්ට තාත්ත වගේ ඉන්න පිරිමි ගුරුවරුත් ඕනේ පෞරුෂ වර්ධනයට. අනික දරුවෙකුට හදිසි අසනීපයක් උනොත් ගෙනියන්න වාහනයක් තියන, පිරිමි ගුරුවරු ඉන්න පෙර පාසල් ඇති කළ යුතුයි.(නදී)
ඒක නම් ඇත්ත මලිකා, නිසි ප්‍රමිතියකින් යුතු, ඒ සඳහාම නියමිත ගොඩනැගිල්ලක, ළමයිනට දුව පැන ඇවිදීමට ඉඩකඩ ඇති ලියාපදිංචි කළ ස්ථානවල පවත්වන පෙර පාසල් වලට දරුවන් යැවීමට දෙමව්පියන් දැනුවත් කළ යුතුයි. පෙර පාසල් පාලිකාවන් යයි හඳුන්වන අයගේ අධ්‍යාපන සුදුසුකම් (ඩිප්ලෝමාව වුවද අතන මෙතනින් නොව පිළගත හැකි තැනකින් ලබා තිබේද? දරුවන් බලාගැනීමට සුදුසු මානසික තත්වයක් තිබේද, සෞභ්‍ය තත්වය කෙසේද යන්න රජයෙන් සොයා බැලිය යුතුයි. පිටරටවල පිරිමි පාර්ශ්වය පෙර පාසල් අංශයට නැඹුරුවී ඇතත් ලංකාවේ එසේ නැත. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට පිරිමි ගුරුවරුන්ද ඉතා අවශ්‍යය.(නදී)
අපේ රටේ ගෙදර ඉස්තෝප්පුවෙ, ගරාජයක, එහෙමත් නැත්නම් ගෙදරක සාලේ ළදරු පාසල් පවත්වනවා. පිටරට වල එහෙම බැහැ. කාටහරි ස්වයං රැකියාවක්ය කියලා ළමයින් බිල්ලට දෙන්න ඉඩ දෙන්න එපා. මේවා නැවැත්විය යුතුයි. මානසික රෝග තිබෙන සමහර අයත් ලංකාවේ ළදරු පාසල් කරනවා. අහිංසක ළමයි විනාශයි. එි අය හිතන්නේ මාස 3 විතර කොහේහරි ඩිප්ලෝමාවක් කළහම සියල්ල හරි කියලා. ලංකාවේ ළමයි වනසන්නේ ප්‍රමිතියක් නැතුව අතන මෙතක දාලා තිබෙන පෙර පාසල් වලිනි. (නි)
මම මේකට අාවා.ඒ පොඩි ළමයි සමග වැඩ කරන්න අාසා නිසා.නොමිලේ පැවැත්වෙනවා කිවුවහම පොඩි සැකයක් අාවා.පළවෙනි දවසෙම අවබෝධ වුණා ගොඩක් වගකීමෙන් , මුදල් ගෙවලා කරන පාඨමාලා වලටත් වඩා ගුණාත්මක පාඨමාලාවක් කියලා.ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණේ අම්මා නිසා.මේක මග හැරුණා නම් ලොකු අපරාධයක් කියා හිතෙනවා. (නි)
මට මෙම පාඨමාලාවට 2005 දි සම්බන්ධ වෙන්න ලැබුනා.ඇත්තටම වටිනා පාඨමාලාවක්.නොමිලේ කියලා බොරු කලේ නැහැ.ලයිසියම් එකේ දුන්න ප්‍රයෝගික පුහුණුව නම් ආයෙත් කාටවත් ලැබෙන අවස්ථාවක් නෙමෙයි.මගෙම කියලා පොඩියට පෙර පාසලක් පටන් අරන් දැන් පලාතෙ තියෙන හොඳම පෙර පාසල බවට පත් කර ගත්තෙත් මෙම පාඨමාලවෙන්.ඒ කාලෙ නම් 2829745 කියලා නම්බර් එකක් තිබ්බා.අද මම පලාතේ ගෞරවයක් ලබලා තියෙන්නෙ මේකෙන්,මොනවා වුනත් මොහාන් ලාල් ග්‍රේරු සර් කියන්නෙ කවදත් හොඳ වැඩක් පටන් ගන්න කෙනෙක්.ඔබට පින්. (ස)
කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ? (නි)
ජාත්‍යන්තර පාසලක උගන්වන්න ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාවක් හදාරන්නේ කොහොමද? මම මාතර... දුරකථන අංකයක් එවන්න.
මමත් කැමතියි පෙර පාසල් ගුරුවරියක් වෙන්න. මට දැනගන්න පුළුවන්ද ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනාද කියලා
2018-2019 වර්ෂ සඳහා පාඨමාලාව ආරම්භය කවදද? ගාල්ලේ පාඨමාලා පවත්වනවාද?
මම නුවර... 2019 පෙරපාසල් ගුරු පුහුණුව පිළිබඳව මට දැනගන්න පුලුවන්ද?
පෙර පාසල් පුහුණුවීම් 2019 වසරේ පැවැත්වෙන්නේ කවද්ද?
2019 පෙර පාසල් පුහුණුවිම් පවත්වනවාද.
මමත් කැමතී මෙම පෙර පාසල් පුහුනුව ලබන්න. බොහෝ අයගේ ධනාත්මක ප්‍රතිචාර නිසාම මමත් මේ ගැන හොයා බැලුවා. 2019 ගුරු පුහුනුව ආරම්භ කර ඇත්නම් ඒ පිලිබදව විස්තර ලබා ගත හැකිද. අවශ්‍ය සුදුසුකම් මොනවාද?
මම කැමතියි පොඩි ළමයින්ට උගන්නන්න. මම ඔබේ පාඨමාලාවට කැමැතියි.
මට සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් දෙන්නකෝ
මමත් ආසයි පෙර පාසල් පුහුණුවක් ලබන්න.. එහෙත් කුරුණෑගල ප්‍රදේශයට මෙහෙම පුහුණු මධ්‍යස්ථාන නැද්ද? මේ පිළිබඳව මාව දැනුවත් කරන්න කරුණාකර...
මටත් විස්තර දැනගන්න පුලුවන්ද?
මමත් ආසයි පෙරපාසල් ගුරු පුහුණුව හදාරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?
මමත් ආසයි පෙර පාසල් පුහුණුව ලබා ගන්න.. විස්තර දැන ගන්නේ කොහොමද..?
මට මේකේ විස්තර ටිකක් කියන්නකෝ. මම හොයනවා පාඨමාලවක් පෙර පාසල් සම්බන්ධ වෙන්න විදිහක් කියන්නකෝ...
මමත් කැමතියි පෙරපාසල් ගුරු පුහුණුව ලබාගන්න. එ් සඳහා සුදුසුකම් මොනවද? ඔයාලාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න...
පාඨමාලා ගාස්තුව පිළිබඳ විස්තර දැනගැනීමට අවශ්‍යයි...
මටත් ආසයි පෙර පාසල් ගුරු පුහුණුවක් ලබන්න... මේ වසරේ නැතිද පටන් ගන්නේ..?
පාඨමාලාව පිළිබඳව තොරතුරු ලබා දෙන්න...