IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


ලයිසියම් මුල් ළමාවිය පුහුණුව ඇරැඹේ

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් හතර වැනි වරටත් ආරම්භ කැරුණු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන්ට විධිමත් පුහුණව දීම සදහා වන පාඨමාලාව වසරක්ම පැවැත්වීමට යයි.
කොළඹට පමණක් සීමා නොවී විශේෂයෙන් උතුරු නැගෙනහිර නියෝජනය වන අයුරින් දිවයින පුරා අඩු පහසුකම් ඇති ප්‍රදේශයන් හි ගුරුවරියන්ට විධිමත් පුහුණුවක් නොමිලේ ලබා දේ.
මෙම පුහුණුව මගින් දරුවන්ගේ අධ්‍යාපනය හරවත් අයුරින් නිසි ක්‍රම වේදයකට ලබා දීමට ඇති හැකියාව වර්ධනය කිරීම අරමුණයි.
2005 වසරේ දී ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වන විට දෙදසකට අධික පිරිසක් පුහුණු කොට ඇති අතර මෙම වසරේදී පමණක් 2000 ක් පුහුණු කිරීම ඉලක්කය වී ඇත.

පාඨමාලා සමරම්භය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ව ළමා විය සහ ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ ඒ ඩී පී සරත්චන්ද්‍ර,ලයිසියම් පාසලේ මාධ්‍ය ලේකම් ජනිත දිසානායක,  ලයිසියම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිකිත ග්‍රේරු මහතා ඇතුළු අධ්‍යාපනඥයින් රැසකගේ මූලිකත්වයෙන්  සිදුවිය.

 

 

 

 

 

 



අදහස් (41)

ලයිසියම් මුල් ළමාවිය පුහුණුව ඇරැඹේ

තුෂාරිකා මධුශාණි වනිසේකර Monday, 06 February 2017 05:38 AM

මමත් කැමතියි පෙරපාසල් ගුරු පුහුණු පාඨමාලාවක් කරන්න. මට විස්තර දැනගන්න පුලුවන්ද ?? (බ)

:       17       18

දයානි Saturday, 23 November 2013 09:25 AM

කිසියම් පෙර පාසලක් සම්බන්ධව පැමැණිලි කරන්න ඔනේ නම් එසේ කළයුත්තේ කාටද කියලා කරුණාකර මාධ්‍ය මගින් අපව දැනුවත් කරන්න. එවිට මුලිනිම එවැනි ස්ථාන ගැන සොයා බැලීමට හැකිය අදාළ නිලධාරීන්ට.සැලෝන් අධික්ෂනය කරනව වගේ පෙර පාසලුත් අධික්ෂනය කරනව නම් හෙදයි. අඩුගානේ ඒකට බයේවත් හැදෙයිනේ ප්‍රමිතියක් නැති තැන්.(නදී)

:       0       0

ඉලන් පෙරේරා Saturday, 07 December 2013 01:24 PM

සනදය හපුගොඩ ඔබට ජයවේව (අ)

:       0       0

ලලිත් ඡානක Saturday, 23 November 2013 09:32 AM

පාසැලක නම් ගුරුවරයෙක් අසාමාන්‍ය නම්, වැරදි දේවල් උගන්වනවා නම් තවත් ගුරුවරු, ප්‍රින්සිපල් ඉන්නවා හොයල බලන්න. අනික දරුවො උනත් අමිමලට ගිහිල්ල කියනවනෙ. නමුත් තමන් පෙර පාසලක් දාගත්තම මොනව උගන්වනවද හොයන්න කවුරුත් නැහැ. නොදරුවන් කියන්න දන්නෙත් නැහැ. ඒකයි මේකෙ භයානක කම. සමහර පෙර පාසල් පාලිකාවො හරිම නොසැලකිලිමත්. සමහරු උදේට ලමයි බාරගෙන අඩුමුදලට කිසිම පුහුනුවක් නැති 18- 20 ළමයෙක්ව දරුවො ටික බලාගන්න දාලා තමන්ගේ වැඩ වලට යනවා. ලංකාවේ කවුද මේවා බලන්නේ? (නදී)

:       0       0

චාමරී Saturday, 21 January 2017 05:35 PM

මමත් කැමැතියි පෙර පාසල් ගුරු පුහුණුව ලබන්න. ඒ ගැන විස්තර දැනගන්න දුරකථන අංකයක් ලබාදෙන්න (නි)

:       0       33

සුසිල් -මහරගම Monday, 18 November 2013 06:42 PM

කවුරුත් නොදකින,කවුරුත් අත නොගසන බොහොම වටිනා හොද වැඩක්. තැන තැන හතු පිපෙනවා වගේ මොන්ටිසෝරි ඇරෙනවා.මේ අයට හොද පිළිගත් පුහුණුවක් ඕනෑ. ලයිසියම් කළොත් ඉතින් කවදත් අලුත් හොද වැඩක් බව දන්නවා.කොහොම වුණත් පුලුවන් නම් අනික් අයට සම්බන්ධ වෙන්න පුලුවන් අංකයක් දාන්න (නි)

:       0       4

ප්‍රසාද් - කඩුවෙල Monday, 25 November 2013 12:30 PM

මේක බොහොම වටිනා, කාලෝචිත වැඩක්.නොමිලයේ කරන එක ඒ ඔක්කොටම වඩා වටිනවා.සල්ලි තිබුණත් හරියට පාඨමාලාවක් කර ගන්න කොච්චර අමාරුද?පෞද්ගලික පාසලක් වුණත් ජාතික හැගීමෙන් කටයුතු කිරීම අගයමි (නි)

:       0       0

ඉරේෂා Monday, 13 February 2017 02:11 PM

මමත් කැමති මෙම පුහුණුව ලබන්න මට ඹබලගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද? (ර)

:       0       0

ශිරෝන් Tuesday, 19 November 2013 09:16 AM

කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ? (නි)

:       0       0

අබේරත්න Monday, 25 November 2013 07:39 AM

අධ්‍යාපන මුදලාලිලා අධ්‍යාපනය විකුණගෙන මුදල් ගරන යුගයක, ග්‍රේරෝ මැතිතුමා වැනි අධයාපන දානපතියන් රටට වාසනාවන්! ඔබට තෙරුවන් සරණයි (නි)

:       0       0

ගයනි Tuesday, 19 November 2013 10:36 AM

මට මෙම පාඨමාලාවට 2005 දි සම්බන්ධ වෙන්න ලැබුනා.ඇත්තටම වටිනා පාඨමාලාවක්.නොමිලේ කියලා බොරු කලේ නැහැ.ලයිසියම් එකේ දුන්න ප්‍රයෝගික පුහුණුව නම් ආයෙත් කාටවත් ලැබෙන අවස්ථාවක් නෙමෙයි.මගෙම කියලා පොඩියට පෙර පාසලක් පටන් අරන් දැන් පලාතෙ තියෙන හොඳම පෙර පාසල බවට පත් කර ගත්තෙත් මෙම පාඨමාලවෙන්.ඒ කාලෙ නම් 2829745 කියලා නම්බර් එකක් තිබ්බා.අද මම පලාතේ ගෞරවයක් ලබලා තියෙන්නෙ මේකෙන්,මොනවා වුනත් මොහාන් ලාල් ග්‍රේරු සර් කියන්නෙ කවදත් හොඳ වැඩක් පටන් ගන්න කෙනෙක්.ඔබට පින්. (ස)

:       0       1

මලීකා Saturday, 23 November 2013 06:45 AM

අපේ රටේ ගෙදර ඉස්තෝප්පුවෙ, ගරාජයක, එහෙමත් නැත්නම් ගෙදරක සාලේ ළදරු පාසල් පවත්වනවා. පිටරට වල එහෙම බැහැ. කාටහරි ස්වයං රැකියාවක්ය කියලා ළමයින් බිල්ලට දෙන්න ඉඩ දෙන්න එපා. මේවා නැවැත්විය යුතුයි. මානසික රෝග තිබෙන සමහර අයත් ලංකාවේ ළදරු පාසල් කරනවා. ‍අහිංසක ළමයි විනාශයි. එි අය හිතන්නේ මාස 3 විතර කොහේහරි ඩිප්ලෝමාවක් කළහම සියල්ල හරි කියලා. ලංකාවේ ළමයි වනසන්නේ ප්‍රමිතියක් නැතුව අතන මෙතක දාලා තිබෙන පෙර පාසල් වලිනි. (නි)

:       0       1

කුමාර Wednesday, 11 December 2013 07:56 AM

පුදුම අදහස් ටික. මේවා දැක්කම ලංකාවටම ඔබින ඇමතිවරයෙක් කියලා හිතෙනවා. (නි)

:       0       0

හේමමාලි - පිළියන්දල Tuesday, 19 November 2013 10:49 AM

මම මේකට අාවා.ඒ පොඩි ළමයි සමග වැඩ කරන්න අාසා නිසා.නොමිලේ පැවැත්වෙනවා කිවුවහම පොඩි සැකයක් අාවා.පළවෙනි දවසෙම අවබෝධ වුණා ගොඩක් වගකීමෙන් , මුදල් ගෙවලා කරන පාඨමාලා වලටත් වඩා ගුණාත්මක පාඨමාලාවක් කියලා.ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණේ අම්මා නිසා.මේක මග හැරුණා නම් ලොකු අපරාධයක් කියා හිතෙනවා. (නි)

:       0       0

ෂමේන් Saturday, 23 November 2013 08:27 AM

ඒක නම් ඇත්ත මලිකා, නිසි ප්‍රමිතියකින් යුතු, ඒ සඳහාම නියමිත ගොඩනැගිල්ලක, ළමයිනට දුව පැන ඇවිදීමට ඉඩකඩ ඇති ලියාපදිංචි කළ ස්ථානවල පවත්වන පෙර පාසල් වලට දරුවන් යැවීමට දෙමව්පියන් දැනුවත් කළ යුතුයි. පෙර පාසල් පාලිකාවන් යයි හඳුන්වන අයගේ අධ්‍යාපන සුදුසුකම් (ඩිප්ලෝමාව වුවද අතන මෙතනින් නොව පිළගත හැකි තැනකින් ලබා තිබේද?  දරුවන් බලාගැනීමට සුදුසු මානසික තත්වයක් තිබේද, සෞභ්‍ය තත්වය කෙසේද යන්න රජයෙන් සොයා බැලිය යුතුයි. පිටරටවල පිරිමි පාර්ශ්වය පෙර පාසල් අංශයට නැඹුරුවී ඇතත් ලංකාවේ එසේ නැත. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට පිරිමි ගුරුවරුන්ද ඉතා අවශ්‍යය.(නදී)

:       0       0

ෂර්මන් Saturday, 23 November 2013 08:34 AM

මේ පින්තූර බැලුවම තේරෙනවා පෙර පාසල් කියපු ගමන් ඉන්නේ ගැහැනු අය විතරයි. ඒක වැරදියි. කුඩා දරුවන්ට තාත්ත වගේ ඉන්න පිරිමි ගුරුවරුත් ඕනේ පෞරුෂ වර්ධනයට. අනික දරුවෙකුට හදිසි අසනීපයක් උනොත් ගෙනියන්න වාහනයක් තියන, පිරිමි ගුරුවරු ඉන්න පෙර පාසල් ඇති කළ යුතුයි.(නදී)

:       1       5

නිර්මාල් Saturday, 23 November 2013 08:48 AM

පෙර පාසලක් කියන්නේ නොදරුවන්ගේ කායික මානසික ක්‍රියාකාරකම් හදන තැනක් මිසක් දරුවො විභාගයකට පුරුදු කරන තැනක් නෙමෙයි. මේ නිසා සමාජයේ උගන්වන අය හොද මානසික තත්වයකින් හා ළමා අධ්‍යපනය ගැන දන්නා අය විය යුතුයි. මේ නිසා මොවුන්ට ලයිසන් දීමට පෙර හා දීමෙන් පසු කාලානුරූපව ‍කායික මානසික සෞඛ්‍ය තත්වය පිළබඳ සෙයො බැලිය යුකුයි. (මෙඩිකල් ටෙස්ට්) එකලඟ හතු පිපෙනවා වගේ පෙර පාසල් තියන කොට අනෙකා පරයා යන්න කියලා නොදරුවන්ට මහප්‍රාණ උගන්නවන පාලිකාවන්ද අප රටේ ඇත. පෙර පාසල් රජය විසින් නිරතුරු අධීෂණය කල යුතු මය. පොදු විෂය නිර්දේශයක් හඳුන්වා දියයුතුය. එකිකෙනාට ඕන දේවල් කුඩා මනසට පිරවීමට ඉඩ නොතැබිය යුතුය. (නදී)

:       0       0

ශ්‍යාමලි Thursday, 28 November 2013 12:59 PM

මේක හොඳ පාඨමාලාවක්. ගෙවලා ඉගෙන ගන්න ඒවාට වැඩිය ගොඩක් වටිනවා. ප්‍රමිතියකට අනුව දරුවන්ට උගන්වන විදිය මෙම පාඨමාලාවෙන් කියල දෙනවා. (ස)

:       0       0

තරංගනී Monday, 26 March 2018 09:00 AM

ජාත්‍යන්තර පාසලක උගන්වන්න ප්‍රාථමික ගුරු පුහුණු පාඨමාලාවක් හදාරන්නේ කොහොමද? මම මාතර... දුරකථන අංකයක් එවන්න.

:       0       0

දේශාංජලී Thursday, 12 July 2018 02:08 PM

මමත් කැමතියි පෙර පාසල් ගුරුවරියක් වෙන්න. මට දැනගන්න පුළුවන්ද ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනාද කියලා

:       5       6

Maheshi Thursday, 06 December 2018 11:04 AM

2018-2019 වර්ෂ සඳහා පාඨමාලාව ආරම්භය කවදද? ගාල්ලේ පාඨමාලා පවත්වනවාද?

:       17       14

එම්.ජී.මහිමි නිසංසලාFriday, 05 March 2021 06:43 AM

2021 සඳහා ගාල්ලේ පවත්වනවාද? අවශ්‍ය සුදුසුකම් මොනවාද?

:       0       0

සුරේකා Friday, 21 December 2018 08:54 AM

මම නුවර... 2019 පෙරපාසල් ගුරු පුහුණුව පිළිබඳව මට දැනගන්න පුලුවන්ද?

:       0       0

Sureka Friday, 21 December 2018 08:59 AM

පෙර පාසල් පුහුණුවීම් 2019 වසරේ පැවැත්වෙන්නේ කවද්ද?

:       0       0

Chalani Thursday, 10 January 2019 09:01 AM

2019 පෙර පාසල් පුහුණුවිම් පවත්වනවාද.

:       0       0

සදීකා නිර්මලී පන්විලගේ Sunday, 27 January 2019 07:23 AM

මමත් කැමතී මෙම පෙර පාසල් පුහුනුව ලබන්න. බොහෝ අයගේ ධනාත්මක ප්‍රතිචාර නිසාම මමත් මේ ගැන හොයා බැලුවා. 2019 ගුරු පුහුනුව ආරම්භ කර ඇත්නම් ඒ පිලිබදව විස්තර ලබා ගත හැකිද. අවශ්‍ය සුදුසුකම් මොනවාද?

:       0       1

රාජිතා ලක්ශානි Friday, 11 October 2019 03:20 PM

මම කැමතියි පොඩි ළමයින්ට උගන්නන්න. මම ඔබේ පාඨමාලාවට කැමැතියි.

:       0       0

චාන්දනී Friday, 29 November 2019 07:43 AM

මට සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් දෙන්නකෝ

:       0       3

S.A.Pබුද්ධිකා මදුමාලි Saturday, 09 May 2020 02:03 AM

මමත් ආසයි පෙර පාසල් පුහුණුවක් ලබන්න.. එහෙත් කුරුණෑගල ප්‍රදේශයට මෙහෙම පුහුණු මධ්‍යස්ථාන නැද්ද? මේ පිළිබඳව මාව දැනුවත් කරන්න කරුණාකර...

:       0       0

කෝකිලා Friday, 29 May 2020 02:44 AM

මටත් විස්තර දැනගන්න පුලුවන්ද?

:       0       2

උෂෙක්ෂා මදුභාෂිණි Sunday, 04 October 2020 02:16 PM

මමත් ආසයි පෙරපාසල් ගුරු පුහුණුව හදාරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

:       0       0

නදීශා ගංගානි Tuesday, 06 October 2020 10:53 AM

මමත් ආසයි පෙර පාසල් පුහුණුව ලබා ගන්න.. විස්තර දැන ගන්නේ කොහොමද..?

:       0       0

තරුෂි හිමාෂා Tuesday, 24 November 2020 10:25 AM

මට මේකේ විස්තර ටිකක් කියන්නකෝ. මම හොයනවා පාඨමාලවක් පෙර පාසල් සම්බන්ධ වෙන්න විදිහක් කියන්නකෝ...

:       0       0

අංජලී වාසනා Tuesday, 16 November 2021 10:47 AM

මමත් කැමතියි පෙරපාසල් ගුරු පුහුණුව ලබාගන්න. එ් සඳහා සුදුසුකම් මොනවද? ඔයාලාව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න...

:       1       0

ධනූශා මදුමාලී Sunday, 09 January 2022 11:35 AM

පාඨමාලා ගාස්තුව පිළිබඳ විස්තර දැනගැනීමට අවශ්‍යයි...

:       0       0

මලීශා දිලෘක්ශි Monday, 23 May 2022 10:32 AM

මටත් ආසයි පෙර පාසල් ගුරු පුහුණුවක් ලබන්න... මේ වසරේ නැතිද පටන් ගන්නේ..?

:       0       0

රදීශා මුතුමාලි Monday, 23 May 2022 07:35 PM

පාඨමාලාව පිළිබඳව තොරතුරු ලබා දෙන්න...

:       0       0

චමු මහානාමTuesday, 28 May 2019 04:30 AM

මමත් කැමති පෙරපාසල් ගුරු පුහුණුව ලබාගන්න. එ සදහා මොනවද සුදුසුකම් ..?

:       3       5

කහවිට ආරච්චිලාගේ අක්ශිරූ ප්‍රෙබෝදිකා කරුනාතිලකMonday, 28 September 2020 03:54 AM

පෙරපාසල් පුහුනුව සම්බන්දයෙන් දැනගැනීමට හැකිද. නැගෙනහිර පළාතේ.

:       0       1

H.a.l.මදුශානිWednesday, 09 October 2019 02:50 PM

මටත් ආසයි පෙර පාසල් ගුරු පුහුණුව ලබන්න. ඒ සඳහා සුදුසුකම් මොනවද? මේ වසරේ පාඨමාලාව පවත්වනවාද...?

:       0       3

උෂෙක්ෂා මදුභාෂිණිSunday, 04 October 2020 02:13 PM

මමත් ආසයි පෙරපාසල් ගුරු පුහුණුව ලබන්නට අවශ්‍ය සුදුසුකම් මොනවද මෙ අවුරුද්දෙ පාඨමාලාවන් තියෙනවද විස්තර දැනගන්න දුරකථන අංකයක් දෙන්නකො.

:       0       4

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 91 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 175 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 119 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 254 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2111 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1835 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site