IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා

“Introduction ක්‍රමවේදය හරහා ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින සමාගම් වෙත පවතින මෙම සීමාවන් ගැන දැනුවත් කර තිබෙනවා. එතැනදී අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව ප්‍රධානයි.“ කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ඒ අනුව මෙම Introduction ක්‍රමවේදය හරහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ සහ දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත වීමට සූදානම් වන සමාගම් වෙත අදාළ වන “අනුකූලතාවන් ඉවත් කිරීම“ සම්බන්ධ යෝජනාවක් ගෙන ඒමට එම හුවමාරුව කටයුතු කර තිබේ. එහිදී අදාළ සමාගම් වෙත එම අවම මහජන කොටස්හිමිකාරීත්ව අවශ්‍යතාව පුර්ණය කිරීම සඳහා ලැයිස්තගත කිරීමෙන් මාස 18ක් දක්වා කාලය ලබා දෙන බව සදහන් වෙයි.
එසේම මෙම යෝජනා යටතේ අදාළ සමාගම් වෙත එම අවශ්‍යතාවල සියයට 50ක් සැපිරීමට මාස හයක කාලයකුත්, සම්පූර්ණ අව්‍යතාව සැපිරීම මාස 18ක කාලයකුත් ලබා දීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් එම කාලසීමාව තුළදී මෙම රෙගුලාසි වෙත අනුකූලතාවක් නොදක්වන සමාගම් මුදල් දඩයකට යටත් වන බවත්, මාස 24ක කාලයක් යනතුරුම එම අවශ්‍යතාව සැපිරීමට අපොහොසත් වන සමාගම් දෙවැනි පුවරුව වෙත ඇතුළත් කරන බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සදහන් කරයි.
එම හුවමාරුවට අනුව මෙම යෝජිත ක්‍රමය යටතේ සමාගම් වැඩි ප්‍රමාණයකට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත වීමේ අවස්ථාව හිමි වෙයි. ඒ හරහා එම සමාගම්වල ද්‍රවශීලතාව සහ තරගකාරීත්වය වර්ධනය කරගැනීමටත් නියාමන අවශ්‍යතා පිළීබඳ අවධානයෙන් පසුවිය හැකි වනු ඇති බවත් පවසයි. 
මේ අතර කොළඹ කොටස් හුවමාරුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් ලබන ජූනි 21 වැනිදාට පෙර [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරීවරයා වෙත අදහස් දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site