රට තුළ සිදු වන ලියාපදිංචි මෝටර් රථ අලෙවිය ආසන්න කාලසීමාවේදී මන්දගාමී වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන්ම මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමගින්ම නවතම මාදිලියේ මෝටර් රථ රැසක් වෙළෙඳ පොළ වෙත පිවිස තිබීම ඊට හේතුව වී තිබේ.
ඒ අනුව අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට යොමුවන පිරිස් මෙන්ම නිවසේ එදිනෙදා භාවිතයට දෙවැනි මෝටර් රථයක් මිලදී ගැනීමට උනන්දු වන පිරිස් වැඩි වශයෙන් ලියාපදිංචි නොකළ වාහන වෙත යොමු වන ප්‍රවණතාවක් දැකගත හැකි බව ඔවුහු පවසති.
“වැඩි දෙනෙක් අලුත් මෝටර් රථ වෙත යොමුවීම ඊට හේතුව වෙලා. ඒ අතරින් බහුතරයක්ම යොමු වෙන්නේ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ වෙතටයි. අද වෙන කොට දැරිය හැකි මිලකට, විදුලි මෝටර් රථ මාදිලි රැසක්ම වෙළෙඳ පොළට ඇවිත් තිබෙනවා. එම රථ ප්‍රමාණයෙන් කුඩා වීම සහ එක් බැටරි ආරෝපණයකින් වැඩි දුරක් යා හැකි වීම මේ ප්‍රවණතාවට මූලික වී තිබෙනවා.”
මෙලෙස රට තුළ ලියාපදිංචි මෝටර් රථ අලෙවියේ මන්දගාමීවීමත් සමගින්ම දැනට අධික මිලකට අලෙවි වන ලියාපදිංචි කළ මෝටර් රථවල මිල ගණන්ද ඉදිරියේදී කැපී පෙනෙන ලෙස අඩුවීමේ හැකියාවක් පවතින බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ ලකුණක් නොවෙයි, හොඳ වෙළෙඳ පොලක් තියෙනවා නම් එහෙම ලියාපදිංචිය අඩු වෙන්න බැහැ, මේක වාහන වෙළෙඳපොළ බිඳ වැටීමේ ලකුණක්. වාහන විකිණුවත් දිගටම විකුණන්න තරම් ලොකු මාකට් එකක් ලංකාවේ නැහැ, වාහන මාරු කරන සංස්කෘතියක් ධනවත්ම කිහිප දෙනෙකුට තිබුණත් අති බහුතර ජනතාවට ඒ තරම් මූල්‍ය ශක්තියක් නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ වෙළෙඳපොළ සංතෘප්ත වෙන එක, වුවමනාවට වඩා වාහන තියෙන එක, එකෙන් කෝටි ගානකට ගත්තු වාහන විකුණා ගන්න බැරි වෙනවා, මිල කඩා වැටෙනවා. මිනිස්සු අන්න එතකොට ලීසිං ගෙවිල්ල නවත්තනවා. දැන්ම නොවෙයි, තව අවුරුදු 2ක් විතර යාවි ඔය තැනට එන්න. එදාට ලංකාවේ ආර්ථික අර්බුදයක් මතුවෙනවා...