IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලියාපදිංචි වාහන අලෙවිය මන්දගාමී වෙයි

රට තුළ සිදු වන ලියාපදිංචි මෝටර් රථ අලෙවිය ආසන්න කාලසීමාවේදී මන්දගාමී වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන්ම මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමගින්ම නවතම මාදිලියේ මෝටර් රථ රැසක් වෙළෙඳ පොළ වෙත පිවිස තිබීම ඊට හේතුව වී තිබේ.  
ඒ අනුව අලු‍තින් මෝටර් රථයක් මිලදී ගැනීමට යොමුවන පිරිස් මෙන්ම නිවසේ එදිනෙදා භාවිතයට දෙවැනි මෝටර් රථයක් මිලදී ගැනීමට උනන්දු වන පිරිස් වැඩි වශයෙන් ලියාපදිංචි නොකළ වාහන වෙත යොමු වන ප්‍රවණතාවක් දැකගත හැකි බව ඔවුහු පවසති. 
“වැඩි දෙනෙක් අලු‍ත් මෝටර් රථ වෙත යොමුවීම ඊට හේතුව වෙලා. ඒ අතරින් බහුතරයක්ම යොමු වෙන්නේ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ වෙතටයි. අද වෙන කොට දැරිය හැකි මිලකට, විදුලි මෝටර් රථ මාදිලි රැසක්ම වෙළෙඳ පොළට ඇවිත් තිබෙනවා. එම රථ ප්‍රමාණයෙන් කුඩා වීම සහ එක් බැටරි ආරෝපණයකින් වැඩි දුරක් යා හැකි වීම මේ ප්‍රවණතාවට මූලික වී තිබෙනවා.”
මෙලෙස රට තුළ ලියාපදිංචි මෝටර් රථ අලෙවියේ මන්දගාමීවීමත් සමගින්ම දැනට අධික මිලකට අලෙවි වන ලියාපදිංචි කළ මෝටර් රථවල මිල ගණන්ද ඉදිරියේදී කැපී පෙනෙන ලෙස අඩුවීමේ හැකියාවක් පවතින බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

ලියාපදිංචි වාහන අලෙවිය මන්දගාමී වෙයි

ගුණරත්න Friday, 12 September 2025 02:30 PM

මේක හොඳ ලකුණක් නොවෙයි, හොඳ වෙළෙඳ පොලක් තියෙනවා නම් එහෙම ලියාපදිංචිය අඩු වෙන්න බැහැ, මේක වාහන වෙළෙඳපොළ බිඳ වැටීමේ ලකුණක්. වාහන විකිණුවත් දිගටම විකුණන්න තරම් ලොකු මාකට් එකක් ලංකාවේ නැහැ, වාහන මාරු කරන සංස්කෘතියක් ධනවත්ම කිහිප දෙනෙකුට තිබුණත් අති බහුතර ජනතාවට ඒ තරම් මූල්‍ය ශක්තියක් නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ වෙළෙඳපොළ සංතෘප්ත වෙන එක, වුවමනාවට වඩා වාහන තියෙන එක, එකෙන් කෝටි ගානකට ගත්තු වාහන විකුණා ගන්න බැරි වෙනවා, මිල කඩා වැටෙනවා. මිනිස්සු අන්න එතකොට ලීසිං ගෙවිල්ල නවත්තනවා. දැන්ම නොවෙයි, තව අවුරුදු 2ක් විතර යාවි ඔය තැනට එන්න. එදාට ලංකාවේ ආර්ථික අර්බුදයක් මතුවෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site