
ලයන් බෲවරි සමාගමේ නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සමාගමේ අපනයන ධාරිතාව වර්ධනය කර ගැනීමටත් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් ස්ථාපනයකර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවනු ඇත.
Lion Brewery (Ceylon) PLC සමාගම, විශේෂිත නිෂ්පාදන (Specialty & Craft Brews) සඳහා මෙරට ප්‍රථම නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගිය දා විවෘත කළේය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන මෙම පරිශ්‍රය, අති නවීන තාක්ෂණයෙන් සවිමත්ය. මෙම මධ්‍යස්ථානය පවතින නිෂ්පාදන තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පර් යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම නව නිෂ්පාදන සඳහා වෙන් වූවකි. මෙය, එම සමාගමේ නවෝත්පාදන ගමන් මගේ තවත් එක් සුවිශේෂ සංධිස්ථානයක් වනු ඇති අතර, ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට මහත් මෙහෙවරක් සිදු කරනු ඇත. පසුගිය වසර 6 ක කාලය තුළ පමණක් රු. බිලියන 304.9 ක බදු දායකත්වයක් ලයන් බෲවරි සමාගම ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලයන් බෲවරි නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි