IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලාබ උපයන වෑයම ඉදිරියේ දර්ශක පහළට

සඳුදා ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙෙළඳපොළ ගනුදෙනු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,871.80 ක් වූ අතර එය දර්ශක 177.62 ක පහළ යාමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,806.63 ක් වශයෙන් දර්ශක 53.70 ක පිරිහීමකි’. ඊයේ ගනුදෙනු ආරම්භයේ පිබිදීමක් පෙන්වන ලද නමුත් පැයකට පමණ පසු දර්ශක රතු පැහැයෙන් දිස් විය. මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශක 430 ඉක්මවන අගයකින් හා එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශක 140 ඉක්මවන අගයකින් දරුණු එක් දින පිරිහීමක් වාර්තා කළේය.
කෙසේ වෙතත් ගනුදෙනු අවසන් වන පසු අඩුම මිලට පත් කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් නැඹුරු වූ අතර දිනය අවසානයේ දී බිඳ වැටීම පාලනය කරගැනීමට සමත් වූ බව නිරීක්ෂණය කළ හැකි විය.
පිරිවැටුම රු. බිලියන 8.57 කට සීමා විය. මෙයින් රු. මිලියන 802 ක් ජොන් කීල්ස් කොටස් අලෙවියෙන් ලැබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් කොටස් සඳහා තවත් රු. මිලියන 697 ක් විය. හැටන් නැෂනල් බැංකුවේ රු. මිලියන 432 ක කොටස්, සම්පත් බැංකුව රු. මිලියන 329 ක කොටස් හා එල්.ඕ.එල්.සී. රු. මිලියන 291 ක කොටස් දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද බව සටහන්ය.
මෙදින ගනුදෙනු 55,661 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 160 ක කොටස් මිල පහත වැටී තිබුණි. සමාගම් අසූ නමයක පමණක් කොටස් මිල ඉහළ ගියේය. ලයන් බෲවරි, එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස්, වටවල වැවිලි, ඩිල්මා ටී, සහ ඩීමෝ සමාගම්වලට වැඩිම ඉල්ලුමක් තිබුණි. සිලෝන් බෙවරේජස්, හන්ටර්ස්, සෙරන්ඩිබ් ලෑන්ඞ්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සහ නුවරඑළිය වැවිලි යන සමාගම් පහත වැටුණු කොටස් මිල සම්බන්ධ ලැයිස්තුවේ ඉහළින්ම පසු විය.
නිරීක්ෂක



අදහස් (0)

ලාබ උපයන වෑයම ඉදිරියේ දර්ශක පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site