ඉකුත් කාලයේ මිලදී ගත් කොටස් ලාබ සහිතව විකිණීමට ගන්නා උත්සාහයක් වෙළෙඳපොළ හැසිරීමෙන් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දින කිහිපය තුළ උච්ඡාවචන රැලි කිහිපයක් අපේක්ෂා කළ හැකි වේ. සියලු කොටස් මිල දර්ශකය පැමිණ ඇති ඉහළම අගය තුළ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කලින් මෙවැනි ස්වභාවයක් තිබිය හැකිය.
අපනයන වර්ධනය, සංචාරක පැමිණීම හා රජයේ බදු ආදායම සලකා බලන පසු ආර්ථික කටයුතුවල යම් ප්‍රසාරණයක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් අලුත් රැකියා උත්පාදනය හා පරිබාහිර ධනය ගෙන එන පසුබිම සක්‍රීය වී නැත. විදේශ ආයෝජකයෝ පවා තවමත් කොටස් විකුණන ප්‍රවණතාවක පසුවෙති.
මෑත සති කිහිපය තුළ දේශීය මිලදී ගැනීම් ඉදිරියට පැමිණ තිබුණු අතර විදේශීය අංශයේ අපේක්ෂා කරන වර්ධනයක් සනිටුහන් නොකෙරේ.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,990.67 ක් දක්වා පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 71.78 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,027.71 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 43.75 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුමරුපියල් බිලියන 7.53 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,893 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 311.4 ක් විය. සමාගම් 107 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 132 කි.
ලංකා ඇලුමීනියම් සමාගමේ කොටස් මිලියන 42 ක් හුවමාරු වූ අතර එය දිනයේ පිරිවැටුම සඳහා ඉහළම සහභාගිත්වයක් දැක්වීය.
ඇලුමීනියම්රුපියල් මිලියන 841 ක්, සියෙරා කේබල්රුපියල් මිලියන 343 ක්, ලංකා මිල්ක් ෆුඩ්රුපියල් මිලියන 250 ක්, අහුන්ගල්ල හොටෙල්රුපියල් මිලියන 184 ක්, ජෝන්කීල්ස්රුපියල් මිලියන 156 ක්, ඊබී ක්‍රීසිරුපියල් මිලියන 135 ක් කොනයිසන්ස්රුපියල් මිලියන 115 ක්, ප්‍රයිම් ලෑන්ඩ්රුපියල් මිලියන 114 ක්, එල්බී ෆිනෑන්ස්රුපියල් මිලියන 110 ක්, ජැට් හෝල්ඩිංරුපියල් මිලියන 110 ක්, සී.අයි.සී. මිලියන 110 ක් සහ පෑන් ඒෂියා බැංකුව මිලියන 99 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් රැලි කිහිපයක්