ලෝටස් සමාගම් සමූහයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ.
සැමරුම ආරම්භයේ දී වසර දහයක් පුරා සමාගම පැමිණි ගමන්මඟ දැක්වෙන වාර්තා වැඩසටහනක් විකාශය කළ අතර ධර්ම දේශනාවක් සහ දානමය පිංකමක් ද පැවැත්විණි. සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනෙන් තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා සමාගම සතු කැපවීම යළි තහවුරු විය. පසුගිය දශකයක කාලය තුළ අංශ ගණනාවක් පුරා විහිදී යන ලෙස සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති ලෝටස් සමූහ ව්‍යාපාරය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නවීන තාක්ෂණික විසඳුම් සහ සේවා රැසක් හඳුන්වා දී තිබේ.
ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් උසස් තත්වයේ කෘෂි බීජ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. වැඩි අස්වැන්නක් ලැබිය හැකි එම බීජ වර්ග (දෙමුහුම් බීජ වර්ග ද ඇතුළු) සඳහා ගොවීන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. ලෝටස් එන්ටර්ප්‍රයිසස් වෙතින් පොහොර, වගා මලු, ප්ලාස්ටික් බඳුන් සහ ගෝලීය ප්‍රමිති අනුව නිෂ්පාදනය කළ යන්ත්‍රෝපකරණ ඇතුළු බොහෝ දෑ ගත හැකිය. ලෝටස් ප්‍රින්ට් හවුස් නව්‍ය සහ නිර්මාණාත්මක මුද්‍රණ සේවා සපයයි. ලෝටස් සීඩ්ස් දැඩි තත්ව පාලන ක්‍රම සහ අඛණ්ඩ නිෂ්පාදන සංවර්ධනයෙන් වැඩි අස්වැන්නක් ලැබීමට ගොවීන්ට සහාය වේ. ලෝටස් ක්‍රොප් කෙයා(ර්) අභ්‍යන්තර පර්යේෂණ හරහා ආනයන කළ පලිබෝධනාශක රැසක් ගොවි ප්‍රජාවට හඳුන්වා දී ඇත. ලෝටස් පොහොර තේ, රබර්, පොල් සහ එළවළු වගා සඳහා අවශ්‍ය විශේෂ පොහොර වර්ග නිපදවයි. ලෝටස් මැෂිනරි වෙතින් පලිබෝධනාශක ඉසින යන්ත්‍ර, බීජ තැටි සහ කෘෂි උපාංග වර්ග රැසක් මිල දී ගත හැකිය. ලෝටස් පැකේජින් වගා මලු, ප්ලාස්ටික් බඳුන්, මුද්‍රිත සිල්ලර මලු සහ PP රෝල් වැනි ඇසුරුම් විසඳුම් සපයයි. ලෝටස් සමූහ ව්‍යාපාරය දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වැනි සංවත්සරයට වැඩසටහන් රුසක්