(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ උපරිම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මකවන හෙයින් එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇතැයිද ඒ පසුබිම මත ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව විවිධ රටවල පුරවැසියන්ට නිකුත් කරන ලද සංචාරක උපදේශන ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් තානාපතිවරුන්ගෙන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් අද (24) ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ ඉල්ලීම සිදුකළේය.
එහිදී ආරක්‍ෂක අංශ විසින් වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් විදේශ තානාපතිවරුන්ට දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීය.
මෙම සිද්ධිය මුවාවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් දැරූ අයට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද ආරක්‍ෂක අංශ මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ජාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට තවමත් ඉස්කෝල පිටිපස්සේ එහෙම බෝම්බ අහුවෙනවා නේද? ඔය මිනිස්සුත් ඒ ප්‍රවෘත්ති කියවනවානේ? ඉතින් ලංකාවේ මිනිස්සු ගොනාට ආණ්ඩුවට ඔය ජාත්‍යන්තර ප්‍රජාව රැවටෙයිද?
ඉස්සර උතුරේ යුද්ධ කාලේ කි පාරක් නම් ඔබතුමා කියන කියන ගානේ එයාල ලංකාවට එරෙහි සංචාරක උපදේශන දැම්ම, ඉවත් කලා ද? බලමු මේපාරත් කියන දේ අහයිද කියල?