(තිළිණි ද සිල්වා)
දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විණි.
දැනටමත් දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් , එම වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනිමට කටයුතු කරන බවත් මෙහිදී තානාපතිනී රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සදහන් කළාය.
එහිදී ඇය පෙන්වා දුන්නේ එම වෙළඳසැල් සදහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කර ගත හැකි බවය.
ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර ඇති සහයෝගිතාව දිගටම ශක්තිමත්ව පවත්වා ගත යුතු බව අවධාරණය කළ තානාපතිවරිය ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළාය.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා දියුණු කර දෙරටේ සුහදත්වය හා අන්න්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කීරිම සඳහා තානාපති ලෙස ඉටුකර ඇති කාර්යය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කරන බව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තේවලට අප්‍රිකාව තුළ හොඳ වෙළඳපොලක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එළවළු හා පළතුරුවලින් 40% ක් පමණ අපතේ යන බැවින් ඒවා කල් තබා ගැනමට අප්‍රිකාවේ තාක්ෂණය හා සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙම හමුවට විදේශ අමාත්‍යංශයේ අප්‍රිකානු කලාපීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක මහතාද සහභාගි විය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ
sunil Sunday, 06 December 2020 12:33 PM
අද සමහරු රටේ ආර්ථිකය සංවෘත කරන්නට හැදුවත්, ඔය තමා විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල.