IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ සමාගම්වලට “බෝනස්” එකක්: රට ආයෝජන සීමා ඉහළට

  • ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව ඩොලර් 5,00,000 සිට ඩොලර් 7,50,000 දක්වා ඉහළට
  • ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඩොලර් 1,50,000 සිට ඩොලර් 2,00,000 දක්වා ඉහළට
  • සීමා ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඩොලර් මිලියන 2ක් දක්වා ණය ලබාගන්න පුළුවන්

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව ඩොලර් 5,00,000 සිට ඩොලර් 7,50,000 දක්වා ඉහළ නංවා ඇත.

එසේම ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඩොලර් 1,50,000 සිට ඩොලර් 2,00,000 දක්වා වැඩි කර ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මෙම සීමා ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඩොලර් මිලියන 2ක් දක්වා ණය ලබාගත හැකි නමුත් ඩොලර් මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වන බව එම කාරක සභාවේදී සඳහන් කෙරිණ.

බීවයිඩී (BYD) මෝටර් රථ දහසකට වැඩි ගණනක් වරායේ රඳවා තැබීමට අදාළව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

බදුකරණයට සම්බන්ධ ඊ-වාණිජ පද්ධතියට අදාළ ගැටලු‍ විසඳා ඇති බව නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ.

ප්‍රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශවල ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමා හඳුන්වාදීම ඇතුළු ක්‍රියාවලි විධිමත් කිරීම ඇතුළත් නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ 2025 ජූනි 18 වැනිදා අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය මෙහිදී සලකා බැලීමෙන් අනතුරුව ඊට අනුමතිය හිමි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.

වාහන ආනයනය සඳහා ජාත්‍යන්තර ණයවර ලිපි (LC) අවශ්‍යතා පිළිබඳ යාවත්කාලීන කිරීමක් පිළිබඳව ද අවධානය යොමුවිය. දේශසීමා ණය යටතේ ආනයනය කරන ලද සියලු‍ම වාහන නැවත අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් කමිටුවට දැනුම් දුන් අතර, මෙම තීරණය දැනට නීතිය ඉදිරියේ අභියෝගයකට ලක්ව ඇති බවත් අනාවරණය විය.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ලොතරැයි සූදුවක් වන බැවින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුව තුළට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේය.



අදහස් (0)

ලංකාවේ සමාගම්වලට “බෝනස්” එකක්: රට ආයෝජන සීමා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site