
අතිශයින් ජනාදරයට පත් ලංකා බිස්නස් ටී.වී. ‘ව්‍යවසායකයා’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා උත්කර්ශවත් අයුරින් මහනුවර ‘Kandy Myst by Cinnomon’ හෝටලයේදී ව්‍යවසායකයන් සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. ලංකා බිස්නස් ටී.වී. දිවයින පුරා පවත්වන මෙම ව්‍යාපාරික සමුළුව මෙවර පැවැත්වූයේ 09 වන වතාවටයි.
මෙම සමුළුවේදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී. වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, ජයන්ත කෝවිලගොඩගේ මහතා කියා සිටියේ, මෙය මේ වනවිට ලංකාවේ සිදුකරන විශාලතම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සමුළුව බවත් 2027 වසරේදී තෝරාගත් දිස්ත්‍රික්කවල මෙවැනි සමුළු 04 ක් ලංකා බිස්නස් ටී.වී විසින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි. ඊළඟ ව්‍යාපාරික සමුළුව ඉදිරි නොවැම්බර් මාසයේදී කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි ප්‍රධාන දේශනය වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සිදුකළ අතර බදු පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් විය යුතුම කරුණු ඇතුළත් දේශනයක් BDO පාට්නර්ස් හි, හවුල්කරු සුජීව රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
එසේම, NDB වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රුවන් පෙරේරා මහතා විසින් මුදල් වෙළෙඳපොළ අරමුදල්, කොටස් වෙළෙඳපොළේ සහ ඒකක භාරවල ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභයක් ලබාගන්නේ කෙසේදැයි පැහැදිලි කර දුන් අතර දේපොළ ආයෝජනයෙන් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ දේපොළ වෙළෙඳාම් අංශයේ විධායක සංවර්ධන නිලධාරී සහ ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, රුසිරු අබයසිංහ මහතා විසින් පැහැදිලි කරන ලදී. එසේම, තම සාර්ථක ව්‍යවසායකත්ව කතාව ඉදිරිපත් කළේ ජගත් දිසානායක මහතායි.
ලංකා බිස්නස් ටී.වී. මහනුවර ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට සහභාගී වූ ව්‍යවසායකයන් පැවසුවේ ඉතාමත් ඉහළ ලෙස මෙම සමුළුව සංවිධානය කර තිබුණු අතර ඉන් බොහෝ දේ ඉගෙනීමට ඔවුන්ට හැකිවූ බවයි.
මෙම සමුළුවට සහභාගී වූ අයකුට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd