IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකාවේ විදේශ අංශයේ අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක්

  • අගෝස්තු මාසයේදී ජංගම ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 368 ක්
  • පළමු මාස 8දී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඩොලර් බිලියන 2.03 ක්
  • වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 414.2 දක්වා අඩුවෙලා

විමුක්ති එස්. රුද්‍රිගු


අට වැනි මාසයටත් අඛණ්ඩව ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගනිමින් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
එසේම ආනයන වර්ධනය වූවාට අපනයන වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩුවී තිබෙන බවද එම වාර්තාවේ දැක්විණ.
මෙම වසරේ අගෝස්තු මාසයේදී ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 368 ක් ලෙස සටහන් වන බවත් එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ පළමු මාස 8දී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.03 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 26.1 වර්ධනයක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරේ පළමු මාස 8 හි මෙරට ජංගම ගිණුමේ ශේෂය අමෙරිකානු ඩොලර් බිලියන 2.60 ක් විය.
එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 422.3 ක් මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය මෙම වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 414.2 දක්වා අඩුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් පසුගිය වසරේ පළමු මාස 8හි ඇමෙරිකානු ඩොලර් බිලියන 3.56 ක් වූ වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය මෙම වසරේ පළමු මාස 8දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.26 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

ලංකාවේ විදේශ අංශයේ අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site