IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ලංකාව - රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළදාම පුළුල් කිරීමට පියවර

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්තිමත් පියවර ගන්නා බව දෙරටේ විදේශ අමාත්‍යවරු කොළඹදී අද (14) ප්‍රකාශ කළහ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

පැයකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවලින් පසුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවත් දෙරටේ ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා වැඩි කිරීමට ශක්තිමත් හා පුළුල් පියවර ගන්නා බවත් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවැසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසරේ රුසියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ඉලක්කය ස්ථාපිත කළ බව ද හෙතෙම කීය.

2018 වසරේදී දෙරටේ වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 388.98ක් වූ බව සඳහන් කළ ගුණවර්ධන මහතා රුසියාවේ ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළ බවත් 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළ බවත් කීවේය.

කෘෂිකාර්මික අංශය, ආහාර ආර්ථිකය, ධීවර, ජල කළමනාකරණය, තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු ඇතළු අධ්‍යාපනය, වෙළෙඳාම සහ ආයෝජන, සංචාරක කර්මාන්තය, ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම ඇතුළු ආරක්ෂාව, විද්‍යාව සහ තාක්ෂණය, පුනර්ජනනීය බලශකිත් සහ තෙල් කැණීම් යන ක්ෂේත්‍රවලින් දෙරට අතර සහයෝගීතාව ඇති කරගැනීමට එකඟතාව පළ කළ බව ද ගුණවර්ධන මහතා මෙහිදි කීය.

ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ජාතික හා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධ යනාදියෙන් දෙරටට තිබෙන අවදානම් හඳුනාගත් බව කී දිනේෂ් ගුණවර්ධන මහතා ජාතික සහ අන්තර්ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ඇති කරගැනීමට ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී එකඟතාව ඇති කරගත් බව ද පැවැසීය.

ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තිබෙන සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගන්නා බව කී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙරටේ අදාළ අංශ අතර ශක්තිමත් සබඳතා ඇති කරගන්නා බව ද කීවේය

පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර ආකාරයේ ප්‍රහාර නැවත සිදුවීම වළක්වාගැනීමටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ශ්‍රී ලංකා හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල හමුදා උපකරණ ඇතුළු අවශ්‍ය සහාය ලබාදෙන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා මෙහිදි කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ගෝලීය සංවිධාන තුළදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන බව පැවැසූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ‘බි්‍රක්ස්’ සහ ෂංහායි සහයෝගීතා සංවිධානය ආදී ජාත්‍යන්තර සමුළු හා සංවිධානවලට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉතා වැදගත් බව ද කීවේය.

රුසියාව, ශ්‍රී ලංකාව ආරම්භක පියකු වන ‘නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ’ නිරීක්ෂක සාමාජිකයකු ලෙස කටයුතු කරන බව සඳහන් කළ විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ‘නොබැඳි ජාතීන්ගේ සංවිධානය’ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි ද පැවැසීය.

රුසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් සංචාරය කර ඇති අතර බවත් රුසියානු ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු විය හැකි බවත් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් කීය.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා අද (14) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවිය.

ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්ණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

 



අදහස් (1)

ලංකාව - රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළදාම පුළුල් කිරීමට පියවර

Nimal Thursday, 16 January 2020 09:05 AM

මෙතුමා විදේශ ඇමති හැටියට ලංකාවට ආවාට ලංකාවෙන් පිටත්ව ගියෙත් විදේශ ඇමති හැටියටමද? නැතිනම් ආපහු රුසියාවට ආපහු ගොඩ බැස්සේ ඇමති හැටියටද? එයා මේහේ ආවාට පස්සේ නේද රුසියාවේ ආණ්ඩුව අස්වුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 58 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 44 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 50 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 544 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1376 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site