ලංකාවෙන් යුරෝපයට ආනයන කරන නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
ලංකා ධජය සහිත යාත්‍රාවලින් අල්ලන මත්ස්‍යයනයන් හා ඒ ආ›ත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳ පොළට ගෙන ඒම මාස තුනකට පසුව තහනම් කරන බව එම සංවිධානය කියයි.
ලංකාව ජාත්‍යන්තර නීතිවලට පටහැනිව කටයුතු කරන බවත්, නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වෙන බවත් ඉදිරියේදි එම නීතිවලට හා ප්‍රමීතියට අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේදී › ලංකාව අනතුරු ඇඟවිය.
ලංකාව එම නීති ආරක්ෂා කර නැති බවත් තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් දරුණු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් යුරෝපා සංගමයේ සමුද්රර කටයුතු හා ධීවර කටයුතු පිළිබඳ මහ කොමසාරිස් මාරියා ඩමනකි සඳහන් කර ඇත.
සිටින තැන සොයා ගැනීමේ ජී පී එස් තාක්ෂණය නොමැති විශාල යාත්රාර ඉන්දීය සාගරයට මුදා හරින බවත් එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් ඇය පෙන්වාදෙයි.
ලංකාව යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයන දෙවන විශාලම රට වන අතර මෙලෙස › ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම කණගාටුව කරුණක් යැයිද ඇය කියන්නීය.
ලංකාව 2013 වසරේදී පමණක් යුරෝපා සංගමයට මත්ස්යර නිෂ්පාදන අපනයනය කිරීමෙන් යූරෝ මිලියන 74 ක් උපයා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ ජනතාවට ලාබෙට මාළු ටිකක් කන්න පුලුවන් වෙයි. ඔව් ඔව් දැන් අපේ මාලු අපටම කන්න පුළුවන් (නදී)
දැන්වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයිද දන්නෙ නැහැ (නි)
දැන්නම් මාළු මිල අඩුවෙයි නේද? (නි)
දැන් ඉතින් වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයි ද දන්නෙ නැහැ (නදී)
පිටරටින් ගෙනෙන ටින් මාළු නවත්වලා දේශීය ටින් මාළු කර්මාන්තය කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. (නදී)
මේ විදියට ගියොත් අපෙන් ඇඟලුම් ගැනීමත් නවතීවි. යුරෝපා සංගමයේ විතරක් නෙමෙයි ඕනෑම රටකට සැපයීම් කිරිමේදි ඒ අයගේ කොන්දේසි වලට පටහැනි නම් මේ වගේ දේවල් වළක්වන්න දුෂ්කර වියහැකියි. අපේ රට වගේ නෙමෙයි, ඒ රටවල් පරිසරයට සොබාදහමට ලොකු ගරුකිරීමක් කරනවා (නි)
මේක නම් කණගාටුදායක පුවතක් (නි)
මේක යුරෝපයේ මෝඩ තීරණයක් නෙවෙයිද? (නදී)
මේක කුමන්ත්‍රණයක් වගෙයි. තමිල්නාඩුවේ මගඩිත් අපේ ගිණුමට වැටිලා වගෙයි. ගහන්න ඕනෑ වුණාම කරුණු හොයාගෙන ගහනවා. (නි)
මේක කුමන්ත්‍රණයක් වගෙයි. තමිල් නාඩුවේ මගඩිත් අපේ ගිණුමට වැටිලා වගෙයි. ගහන්න ඕන වුනාම කරුණු හොයාගෙන ගහනවා. (නදී)
මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා නොව . මෙම රජයට කරන්න තියෙන ඔක්කොම කෙනෙහෙලි කරලා , රජය පෙරලා දමන්ට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෙම ක්‍රමයකට යුරෝපය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. මොකද ජනාධිපති බටහිර රටවලට හිත වාදියෙක් නොවන නිසා. මේවා කරන්න ඉල්ලන අපේම සිංහල සහෝදර දේශපාලකයන් නිතර මෙම රටවල සංචාරය කරමින් ඉල්ලන්නේ මේවා කරන්න කියා. මේ ඒවායේ ප්‍රතිපල. (නදී)
මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා නොව මෙම රජයට කරන්න තියෙන ඔක්කොම කෙනෙහෙලි කරලා, රජය පෙරලා දමන්ට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෙම ක්‍රමයකට යුරෝපය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. මොකද ජනාධිපති බටහිර රටවලට හිත වාදියෙක් නොවන නිසා. (නදී)
මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා සිදුවූවත් වෙන්නට බැහැ. මෙම රජයට කරන්න තිබෙන ඔක්කොම කෙනෙහෙලි කරලා, රජය පෙරළා දමන්නට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෑම ක්‍රමයකට යුරෝපීය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. (නි)
මෙතන තියෙන්නේ නීති කඩනවා කියන මුවාවෙන් අපේ ආර්ථිකය වට්ටවන වැඩ පිළිවෙලක්. (ස)
ලාබෙට මාළු ටිකක් කන්න ලැබෙන එක කොහොම වෙතත් අපේ මාළු අපිටම කන්න හිතෙයිද දන්නෙ නැහැ, මෙහෙම යනකොට (නි)
රටේ මත්ස්‍ය සම්පත චීනයටයි ඉන්දියාවටයි මංකොල්ලකන්න දීලා උඩ බලාගෙන ඉන්න හොඳද? මේ රට ලංකාවම හින්දා හොඳයි. මට මතක් වෙන්නේ දීපාල් සිල්වාගේ සින්දුව. "රට වටකර සාගරයයි එහි සම්පත් ආකාරයයි ....." මේ සින්දුව ගැළපෙනවා ආශ්චර්යයේ තේමා ගීතයට කවුරු මොනවා කිව්වත් (නි)
ලංකාවේ ධජය ගහල යන්නේ චීන නැව්. (අ)
ලංකා ධජය ගහල යන්නේ චීන නැව් වලින් . අපිට හැංගුවට යුරෝපෙට හංගනවා බොරු. (අ)
කෙනෙහිලි කමක් .(අ)
දැන් අපේ ජනතාවට ලැබෙට මාළු ටිකක් කන්න පුලුවන් වෙයි (නි)
දැන් අපි පිටරට වලින් යැපුණා හොඳටම ඇති (නි)
රට ඇතුළේ නීතිය කොහොම වුණත් රටින් පිට නීති කඩන එක නම් භයානකයි කියලා දැන් පේනවනේ! (නි)
අපිට අන්තර්ජාතික නීතිවලට අනුව වැඩකරන්න බැරිද? (නි)
අපි මේ යන විදියට මෙවැනි තහංචි ඉදිරියේදී තව තව වැඩිවේවි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අපේ අයට අන්තර්ජාතික නීතීයට අනුව කටයුතු කිරිමට තරම් බුද්ධියක් තියේවිද?(හේ)
අැයි අපට අන්තර්ජාතික නීතිවලට අනුව වැඩ කරන්න බැරි. (හේ)
රට ඇතුලේ නීතිය නැති වුණාට රටින් පිට නීති කඩනවාට ඔය හම්බවෙන්නේ. (හේ)
හොද වැඩේ කියන්නේ නැතිව මට වෙන කියන්න වචනයක් නැහැ.(හේ)
අපේ මාළු අපි කමු.(හේ)