ශ්රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරුණි.
දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි. කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය කර ඇති අතර ‘පයිලට් 16’ සහ ‘පයිලට් 17’ යනුවෙන් නම් කර තිබේ. මෙම යාත්‍රා දෙකේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.12කි.
මෙම යාත්‍රා දෙකත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවා සඳහා යොදවන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 8ක් බවට පත්වේ. මෙයත් සමඟ කොළඹ වරායට පැමිණෙන නෞකා සඳහා විශ්වාසනීය, කාර්යක්ෂම හා කඩිනම් නාවික සේවා සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාපතිරණ, කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමේ සභාපති එච්. ටනකා, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී. අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට
eresh S kumara Tuesday, 24 December 2019 03:36 AM
අපේ රටෙන් නැව් හදලා වෙන රටවල් වලට විකුණන එකේ අපිටම ජෙට් ලයිනර් වගේ නැව් ටිකක් හදාගත්තොත් නරකද
buddhdasa Tuesday, 24 December 2019 05:14 AM
ඇමතිතුමාට වැඩක් පෙන්නන්න පුළුවන් අමාත්‍යාංශයක් ලැබුනේ.
Jayantha Wednesday, 25 December 2019 12:36 AM
මෙයා මොනවද දන්නේ?