
ඇතැම් අංශවල නිෂ්පාදනය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී පහළ ගිහින්
සමුද්‍ර ධීවර හා සමුද්‍ර ජලජීවී වගා අංශයේ වර්ධන වේගය සෘණ සියයට 5.2 කින් පහළ වැටිලා
මිරිදිය අංශයේ වර්ධනය සියයට 34.8 කින් පහළ ගිහින්
එළවළු අස්වැන්න සියයට 12.6 කින් පහළ වැටිලා
තේ වගාවේ සියයට 6 ක ධනාත්මක වර්ධනයක්
‘මේඩ් ටී’ කිලෝවක මිල රු. 1,243.54 සිට රු. 1,139.55 දක්වා සියයට 8.5 කින් අඩු වෙලා
පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ඇතැම් අංශවල නිෂ්පාදනයේ පහළ යාමක් පෙන්නුම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ධීවර අංශය, බෝග වගාව සහ සත්ව පාලනය අස්ථාවර මාවතක ගමන් කරන බව ජන හා සංඛ්‍යාව ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
අහිතකර දේශගුණික හා වෙළෙඳපොළ තත්වය හේතුවෙන් ධීවර අංශය, බෝග වගාව සහ සත්ව පාලනය යන ක්ෂේත්‍රවල ඇතැම් අංශවල නිෂ්පාදනය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී පහළ ගොස් තිබෙන බවද එම දත්ත වාර්තාව සඳහන් කළේය.
දළ දේශීය නිෂ්පාදිතයෙන් සෘණ සියයට 5.2 ක ප්‍රතිශතයකින් මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර හා සමුද්‍ර ජලජීවී වගා අංශයේ වර්ධන වේගය පහළ වැටී තිබෙන බව එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. එසේම මිරිදිය ජල අංශයේ වර්ධනය සියයට 34.8 කින් පහළ වැටී තිබෙන බවද එම දත්ත වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර කර්මාන්තය සහ සමුද්‍ර ජලජීවී වගා ක්‍රියාකාරකම් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 22 ක දායකත්වයක් ලබාදී තිබූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.9 කි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී වෙරළබඩ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 2.1 කින් ඉහළ ගොස් ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 13.1 කින් අඩුවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත සමුද්‍ර මත්ස්‍ය නිෂ්පාදනයේ සියයට 5.3 ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබේ.
කලක් අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය, රබර් කිරි නිෂ්පාදනයේ පහත වැටීම (සියයට 12.8 කින්) හේතුවෙන් දෙවැනි කාර්තුවේදී 10.8 කින් පහළ ගොස් ඇත. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව, මෙම පහත වැටීමට හේතුව අංකුර සමය සහ වැසි සමයයි. එම දෙපාර්තමේන්තුවට අනුව රබර් කිරි නිෂ්පාදනය පහළ වැටීමත් සමග රබර් කිරි කිලෝ ග්‍රෑමයකට ගෙවන මිලද සියයට 31.2 කින් ඉහළ ගොස් ඇත.
අහිතකර කාලගුණික තත්වය හේතුවෙන් 2024/2025 මහ අස්වැන්න පහළ වැටීම හේතුවෙන් එළවළු අස්වැන්න සියයට 12.6 ක ප්‍රතිශතයකින් පහළ වැටී ඇතැයි දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 8.5 කින් පහළ ගිය තේ වගාව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 6 කින් ධනාත්මකව වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ දෙවැනි කාර්තුව හා සංසන්දනය කරන විට මෙම වසරේ දෙවැනි කාර්තුවේදී කොළඹ වෙන්දේසියේදී ‘මේඩ් ටී’ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,243.54 සිට රු. 1,139.55 දක්වා සියයට 8.5 කින් අඩු වී ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
සත්ව නිෂ්පාදන ක්‍රියාකාරකම් ‘මස් සඳහා සතුන් ඇති කිරීම’, ‘කිරි ගොවිතැන‘ සහ ‘බිත්තර නිෂ්පාදනය‘ වැනි උප කාණ්ඩ කිහිපයකින් සමන්විත වේ. සත්ව නිෂ්පාදන ක්‍රියාකාරකම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 13.9 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි දත්ත වාර්තාවල දැක්වේ.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී කුකුළු මස් නිෂ්පාදනය සියයට සියයට 10.9 කින්, බිත්තර සහ කිරි නිෂ්පාදනය සියයට 35.3 කින් සහ සියයට 2.5 කින් ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාවේ ධීවර අංශය, බෝග වගාව සත්ව පාලනය අස්ථාවර ගමනක